Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආණමඩුව සිද්ධියේ දී ජනතාව හැසිරුණු සුබවාදී ආකාරය රටටම ආදර්ශයක්

ආණමඩුව මුස්ලිම් කඩේ ඇතිවූ ගින්න නිවීමට නගරයේ කිසිම ආයතනයක ජල බවුසරයක් නොතිබීම කනගාටු දායක කරුණක් වුවත් මහ පාන්දර නගරයේ අවදි වූ සියලු දෙනා වටවී බාල්දිවලින් වතුර ඇද ගින්න නිවා දැමුවේ නැති වූයේ නම් එක දිගට ඈදුනු නගරයේ සියලු කඩවල් ගිනිගෙන හමාර වීමට ඉඩ තිබුණු බව වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ පැවැති ආණමඩුව කළමනාකරණ කමිටු රැස්වීමේදී ප්‍රකාශ කළේය. පොලිසිය ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිවාස සංවර්ධන අධිකාරිය යන රාජ්‍ය ආයතන රැසක් තිබුණත් ආපදා කළමනාකරණ අංශයවත් ජල බවුසරයක් ස්ථානගතකොට නොතිබීම මහත් අභාග්‍යයත් බවද පැහැදිලි කළ රාජ්‍ය ඇමතිවරයා හිසේ අමාරුවට ජාති ආගම් කුලවාද ඇදගෙන දගලන කොයි කාටත් ආණමඩුව සිද්ධියේදී ජනතාව හැසිරැණු සුබවාදී ආකාරය රටටම ආදර්ශයක් බවද මතක් කළ අතර 2018 වසර සඳහා සූදානම් වන සංවර්ධන යොජනාවලි සකස් කරන හා 2017 වසරේ කෙරුණු සංවර්ධන වැඩද ආයතන 21ක සහභාගිත්වයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණි.

පුත්තලම දිසා ලේකම් එන.එච්.එම්. චිත්‍රානන්ද මහතා ප්‍රකාශ කර සිටියේ සිංහල, දෙමල ,මුස්ලිම් ජනතාවක් වෙසෙන පුත්තලමේ සංහිදියාව නොවඩුව පැවතීම වැදගත් බවත් සංවර්ධන කටයුතුවලදී භේදබින්න නොවී සිටීම යහපත් බවත් පෙන්වා දුනි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණමඩුව ආසනයේ සංවිධායක ආනන්ද සරත් කුමාර මහතා කතා කරමින් කියා සිටියේ රාජ්‍ය ආයතනවල වැඩකටයුතු කර ගැනීමට පැමිණෙන බහුතරයක් කාන්තාවන් නිසා ඔවුන්ගේ ඕනෑ එපාකම් පිළිබඳව වඩාත් සැලකිල්ලෙන් පුත්තලම ආණමඩුව වැනි දුෂ්කර ප්‍රදේශ දෙකේ නිලධාරීන් වගකීමෙන් කටයුතු කළ බවයි. ආණමඩුව මුස්ලිම් කඩයක් වූ මදීනා හෝටලයේ ගිනි තැබීමේ කටයුත්තට සැකකොට අත් අඩංගුවට ගෙන සිටින්නන් අවු.18 -23 අතර අපේ ගම්වල තරුණ ගැටවුන් බවත් දෙමව්පියන්ගේ වැඩි සැලකිල්ල අනවබෝධයෙන් හැසිරෙන මේ අය ගැන සොයා බැලීම වැදගත් බවද මෙහිදී ප්‍රකාශ කළේය.

පුත්තලම දිසා විශේෂ
ලංසගේ සිරිවර්ධන

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();