Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහනුවර සිද්ධියෙන් මිය ගිය තිදෙනාට ලක්ෂය බැගින් වහාම

Author(s): 
බුද්ධිකා ඉඹුලාන

මහනුවර ප්‍රදේශයේ සිදු වු ගැටුම්වලින් මිය ගිය තිදෙනකු සඳහා එක් අයකුට රුපියල් ලක්ෂයක් බැගින් වන්දි මුදල් හා අවමංගල්‍යාධාර ලෙස රුපියල් පහළොස්දාහක දීමනාවක් ලබා දීම පෙරේදා (12) දින සිදු කෙරිණි.

මහනුවර ප්‍රදේශයේ පසුගියදා සිදු වූ ගැටුම්කාරි තත්ත්වයන් හේතුවෙන් මියගිය හා දේපොළ හානි සිදු වූවන්ට වන්දි ලබා දීමට පසුගිය10 දින අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ජාවේදී තීරණය කරනු ලැබීය.

ඒ අනුව අදාළ වන්දි ගෙවීමේ කටයතු පුනරුත්ථාපන අධිකාරිය වෙත පවරනු ලැබූ අතර බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අැමැති ඩී.එම්.ස්වාමිනාදන් මහතාගේ උපදෙස් පරිදි මෙම වන්දි බෙදාදීම සිදු කෙරිණි.

මියගිය තිදෙනා සඳහා උපරිමය රුපියල් ලක්ෂ 5 ක වන්දි මුදලක් ලබා දීම සඳහා අැමැති මණ්ඩල අනුමැතිය ලැබූ වහාම ඉතිරි මුදල් ගෙවීමට ඇමැති ඩී.එම්.ස්වාමිනාදන් මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

දේපල සදහා සිදුවු හානි මේ වන විට ඇස්තමේන්තු ගත කරමින් තිබෙන අතර ඒ සඳහා ගෙවිය යුතු වන්දි මුදල් පිළිබඳ ඇමැති මණ්ඩල අනුමැතිය ලද වහාම දේපොළ හානි සදහා වන්දි ලබා දීමට කටයතු කරන බව අැමැති ඩී.එම්.ස්වාමිනාදන් මහතා කියයි.

අදාළ වන්දි මිය ගිය අයගේ ඥාතීන් වෙත පසුගිය 12 දා දිනයේ ලබා දුන් අතර ඒ අනුව පූජාපිටිය, කුණ්ඩසාලේ සහ තෙල්දෙණිය ප්‍රදේශයන්හි ඔවුන්ගේ නිවෙස් වලට ගොස් මෙම ගෙවීම් සිදු කරනු ලැබීය. මෙම අවස්ථාවට පුනරුත්ථාපන අධිකාරියේ ක්‍රියාකාරි අධ්‍යක්ෂක ආනන්ද විජේපාල මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂක එස්.බදුර්දීන් මහතා, අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();