Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සකුරා පාලම වැලි ජාවාරම්කරුවන්ගෙන් බේරා ගනිමු

මාතලේ ,විල්ගමුව මහවැලි ගඟ හරහා ඉදිකර ඇති සකුරා පාලම වැලි ජාවාරම් කරුවන්ගෙන් බේරා දෙන්නැයි ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනුමැතියකින් තොරව බලපත්‍ර නිකුත් කිරීමට නොහැක. නමුත් විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බොහෝ සේවකයන්ට සහ ග්‍රාම නිලධාරීවරුන්ට ඔවුන්ගේ බිරින්දෑවරුන්ට ඥාතීන්ට වැලි තොටුපොළවල් සඳහා බලපත්‍ර රැසක් නිකුත් කොට ඇත. ඒ පිළිබඳ ලැබුණු තොරතුරුවල සත්‍යතාවය සොයා බැලීම සඳහා සහකාර ප්‍රාදේශිය ලේකම්වරයා හෝ ප්‍රාදේශීය ලේකම්වරයා හමු විමට ගියද ඔවුන් ආයතනයේ නොසිටීම විශේෂත්වයකි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිවරයා කියා සිටියේ තමන්ට මාධ්‍යට කිසිදු ප්‍රකාශයක් ලබා දීමට නොහැකි බවයි.

වසර ගණනාවක සිට මෙම වැලි ජාවාරම පිළිබඳව බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඊට කිසිදු විසඳුමක් නොමැති බවත් මේ වන විට වැලි කැනීම් කටයුතු නිසා මෙම පාලමේ පිහිටි භූගත කොන්ක්‍රීට් බැම්ම පවා මතුවී ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

සිගිරිය විශේෂ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();