Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඥානසාර හිමිට වරෙන්තු

Author(s): 
සිරන්ජනි කුමාරි

පොලොන්නරුව සින්නවේලකුට්ටි හෝ වේරගොඩැල්ල ප්‍රදේශයේ මාධ්‍ය හමුවක් පවත්වා මුස්ලිම් ජාතිකයන්ට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හැර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ (15) වරෙන්තු නිකුත් කළේය.

සිද්ධියට අදාල නඩුව ඊයේ (15) යළි කැඳවු අවස්ථාවේ දී සැකකාර හිමිනම අධිකරණය හමුවේ පෙනි නොසිටිම හේතුවෙන් මෙසේ අත්අඩංගුවට ගැනිම සඳහා වරෙන්තු නිකුත් කළ අතර ඇපකරුවන්ට නොතිසි නිකුත් කෙරිණ.

මාධ්‍ය හමුවක් පවත්වා මුස්ලිම් ජාතිකයන්ට අපහාස වන පරිදි ප්‍රකාශ නිකුත් කිරිමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් වු ඥානසාර හිමියන්ට වෙනත් ආගම් සම්බන්ධ වෛරී සහගත ක්‍රියාවල නොයෙදිය යුතු බවත් මහජන සාමය කඩවන පරිදි මින් ඉදිරියට ක්‍රියා කළහොත් ඇප අවලංගු කරන බවට අවවාද කරමින් ඉකුත් වසරේ ජුනි 21 වන දින අධිකරණය ඇප මත මුදා හැර තිබිණ.

සංවිධානාත්මත අපරාධ අංශය විසින් පුජ්‍යඥානසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව අධිකරණය හමුවේ පවරා තිබිණ.

පොලොන්නරුව සින්නවේලකුට්ටි හෝ වේරගොඩැල්ල ප්‍රදේශයේ මාධ්‍ය හමුවක් ඉකුත් මැයි මස 13 වන දින පවත්වා මුස්ලිම් ජනතාවට අපහාස වන පරිදි ප්‍රකාශ නිකුත් කිරිමේ චෝදනාව සම්බන්ධව ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 291 හා 120 වගන්ති ප්‍රකාරව සංවිධානාත්ම අපරාධ නිවාරණ අංශය ඥනසාර හිමියන්ට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

ඥානසාර හිමියන් ධර්ම දේශනා මාලාවක් පැවැත්විම සදහා ජපානය වෙත වැඩම කර ඇති බවට අධිකරණයෙන් කරුණු අනාවරණය විය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();