ජපානයේ රාජ්ය සංචාරයක නිරත ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා දෙවන ලෝක යුධ සමයේ පරමාණු බෝම්බ ප්රහාරයකට ලක්වූ හිරෝෂිමා ප්රදේශයේ ඊයේ(15) සංචාරයක නිරත විය. හිරෝෂිමා නගරය වෙත ගිය ජනාධිපතිවරයා එහි නගරාධිපතිවරයා විසින් පිළිගත් අතර, අනතුරුව හිරෝෂිමා ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිවරයා එහි කෞතුකාගාරය නැරඹීමට ද එක්විය. එමෙන්ම එම භූමියේ සංරක්ෂණය වෙමින් පවතින ගොඩනැගිල්ල ද මෙහිදී ජනාධිපතිවරයාගේ නිරික්ෂණට ලක්විය.
ඡායාරූපය : සුදත් සිල්වා
0 Comments