පානදුර ලයිසියම් ජාත්‍යන්තර විදුහල් පිල සහ තලවතුගොඩ විදුර විදුහල් පිල අතර අවුරුදු 13න් පහළ අන්තර් පාසල් තුන්වැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (14) තර්ස්ටන් විදුහල් පිටියේදී පැවැත්වෙයි. ලයිසියම් විදුහල් පිල නේදන් ලියනගේ විසින් මෙහෙයවනු ලබන අතර චමෝද් මන්තිලකගේ නායකත්වයෙන් විදුර විදුහල් පිල තරග බිමට පිවිසෙයි.
මෙවර තරගාවලියේ අවසන් පූර්ව තරග වටයේදී කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල් පිලට එරෙහිව ප්‍රසාද ලකුණකින් තරගය ජයගැනීමට ලයිසියම් විදුහල් පිල සමත්වූ අතර විදුර විදුහල් පිල අවසන් තරගයට එක්වූයේ කඩවත මැදි විදුහල් පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමිනි.
මිලාන් හෙට්ටිආරච්චි මහතාගේ පුහුණුකාරීත්වයෙන් යුතු විදුර විදුහල් පිලේ සහය පුහුණුකරු ලෙස ආකාෂ් ෆර්ඩිනෑන්ස් මහතා කටයුතු කරයි. එම විදුහල් පිලේ ක්‍රීඩා භාර ආචාර්යවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ඩිලාන්ජන පෙරේරා මහතා විසිනි.
ලයිසියම් විදුහල් පිලේ පුහුණුකරු ලෙස ලලිත් පෙරේරා මහතා කටයුතු කරන අතර නදීප් ජයසිංහ මහතා සහය පුහුණුකරු ලෙස කටයුතු කරයි. එම විදුහල් පිලේ ක්‍රීඩා භාර ආචාර්යවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ රුමේෂ් වික්‍රමසිංහ මහතා විසිනි.
විදුර විදුහල් පිල
චමෝද් මන්තිලක (නායක), ඔමෙත් විදුමල්, සචින්ත බස්නායක, හිරුණ බණ්ඩාර, විදුන් ෂානුක, කුමාර රොඩ්රිගෝ, පන්සිලු විජේසිරි, තේජාන් රත්නායක, දිනේෂ්ක ප්‍රනාන්දු, තෙවිනු රත්නායක, ආකාශ් කරුණානායක, දහම් ජයවික්‍රම, යශෝධ වික්රමඑදිරිසූරිය, පසිඳු පෙරේරා, ඩිලාන් සෙනෙවිරත්න, සෙනුර සුමනදාස.
ලයිසියම් විදුහල් පිල
නේදන් ලියනගේ (නායක), යෙෂිත් කළුපහන (උපනායක), රුසිරු ප්‍රනාන්දු, රාහුල ද සිල්වා, චාමේන් ප්‍රනාන්දු, මනූජ පොතුපිටියගේ, අක්මාල් ෆස්ලි, මෙවිනු ගුණරත්න, අකිඳු ගුණසේකර, බිසඳ සිල්වා, හිරුණ පීරිස්, සනුත් නාථවිතාරණ, අදීෂ නිස්සංක, ඩුලේන් ප්‍රනාන්දු, ඩිලාල් අමරසිංහ, විෂාන් ජෝශප්, නිෂාල් තඹවිට, තාරුක ද සිල්වා, රස්වින් කරීම්, ඩිලංක දළුවත්ත, ඒඩ්න් ක්රොෙනෙන්බර්ග්
0 Comments