ශ්රී ලංකා අවුරුදු 18න් පහළ ජාතික රගර් පිලේ නායකයා ලෙස කටයුතු කළ යොවුන් ක්රීඩක ගැමුණු චේතියගේ විශිෂ්ට උත්සාහක දිනුම් ත්රිත්වය හේතුවෙන් අන්තර් පාසල් පළමුපෙළ ලීග් රගර් තරගාවලියේ සාන්ත තෝමස් විදුහල් පිල සමග පැවැති තරගය ලකුණු 33-10කින් ජයගැනීමට සාන්ත ජෝශප් විදුහල් පිල සමත්විය.
හැව්ලොක්ස් පිටියේ පෙරේදා පස්වරුවේ පැවැති මේ තරගයේ ජයග්රහණයත් සමග දෙපිල අතර වාර්ෂිකව හුවමාරු වන ජයතිලක ආර්යාව පළිහ අත්කර ගැනීමට ද සාන්ත තෝමස් විදුහල් පිල සමත්විය. ආරම්භයේ සිටම තරගය තියුණු මුහුණුවරක් ගත් අතර දෙපිලම කරට කර සටනක නිරතවීම කැපී පෙනුණි.
තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 21-5කින් පෙරමුණ ගත් සාන්ත ජෝශප් විදුහල් පිල තරගය පුරා ගෝල් 4ක් සහ උත්සාහක දිනුමක් වාර්තා කළ අතර සාන්ත තෝමස් විදුහල් පිලට රැස් කිරීමට හැකිවූයේ උත්සාහක දිනුම් 2ක් පමණි.
ත්රිත්ව විදුහලට ජය
මේ අතර සාන්ත අන්තෝනි විදුහල් පිල සමග පැවැති තරගයෙන් ලකුණු 15-11ක ජයක් වාර්තා කිරීමට ත්රිත්ව විදුහල් පිල සමත්විය. තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 11-5කින් පෙරමුණ ගත් සාන්ත අන්තෝනි විදුහල් පිල දෙවැනි භාගයේදී දැඩි පීඩනයකට හසුකළ ත්රිත්ව ක්රීඩකයන් උත්සාහක දිනුම් 2ක්ම තැබීමට සමත්වූ අතර ජයග්රහණය තහවුරු වූයේ නායක අවිශ්ක ශේක් තැබූ අගනා උත්සාහක දිනුමෙනි.
0 Comments