Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආර්ථිකය අර්බුදයට යාම ගැන අපි සාකච්ඡා කළා

Author(s): 
චන්ද්‍රිකා පෙරේරා

මෙරට ආර්ථිකය, සංවර්ධනය අර්බුදයකට යාම සම්බන්ධයෙන් අප සාකච්ඡා කළා. කුමන ගැටලු තිබුණත් 2015ට පෙර තිබුණු ආර්ථිකයේ ක්‍රමානුකූල නැඟිටීම වැඩිකර ගැනීමට හෝ ඒ තත්ත්වය ආරක්ෂාකර ගැනීමට කතාබහට ලක් වුණා යැයි සමාජ සවිබල ගැන්වීම සුබසාධන හැ කන්ද උඩරට උරුමය පිළිබඳ ඇමැති එස්.බී. දිසානායක මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (27) සවස පැවති විශේෂ මාධ්‍ය හමුවේදී දිසානායක ඇමැතිවරයා එම අදහස් පළ කෙළේ ය.

එහිදී එස්.බී.දිසානායක මහතා මෙසේද කීය.

මේ රජය පෙරළිමට අපට අවශ්‍ය නැහැ. පළාත් පාලන ඡන්දයෙන් ජනතාව පෙන්වා දුන් ආකාරය අනුව අවශ්‍ය වෙනස්වීම් කිරීමට පණිවිඩයක් දුන්නා. ඒ අනුව ජනාධිපතිවරයාට බොහෝ වෙනස්කම් කිරීමට අවශ්‍යතාවක් තිබුණු බව පෙනී ගියත් එය පල දැරුවේ නැහැ. ඒ අතර විශ්වාසභංගයට සන්ධානයේ කිහිපදෙනෙකුත් අස්සන් කළා.

නව පුළුල් ජාතික ආණ්ඩුවක් හදා ගැනීමට අවශ්‍ය කටයුතු කිරීම මිස ආණ්ඩුව පෙරළිම නොවේ මින් සිදුවිය යුත්තේ.

19 ව්‍යවස්ථා සංශෝධනය අනුව ඇමැතිවරයෙකුට , ආණ්ඩුවට විශ්වාසභංගයක් ගෙන ඒමට නොහැකියි. විශ්වාසභංගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්නා තීරණය අනුවයි අප කටයුතු කරන්නේ.

නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ද මෙහිදී අදහස් දැක්වීය‍.

ඡායාරූපය - සිරිපාල හල්වල

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();