Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පන්දුව පලුදු කිරීමේ චෝදනාවට ලක්වීමෙන් ඔස්ට්‍රේලියා පිලේ නායකයා සහ උපනායකයා ඉවතට

 

දකුණු අප්‍රිකා කණ්ඩායම සමග කේප්ටවුන් නුවර පැවත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය අතරතුර පන්දුව පළුදු කිරීමේ චෝදනාවට හසුවූ ඔස්ට්‍රේලියානු පිලේ නායක ස්ටීවන් ස්මිත් සහ උපනායක ඩේවිඩ් වෝනර් එහි වගකීම බාරගනිමින් සිය තනතුරුවලින් ඉවත්වූහ.

තුන්වැනි දිනයේ දකුණු අප්‍රිකා පිල පන්දුවට පහරදෙමින් සිටින අතරතුර ඔස්ට්‍රේලියානු පිලේ ආරම්භක පිතිකරු කැමරොන් බැන්ක්‍රොෆ්ට් පන්දුව පළුදු කරන අයුරු රූපවාහිනි කැමරාවලින් පැහැදිලිව දක්නට ලැබුණු අතර තරගයෙන් පසුව ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු ආරම්භ කෙරිණි.

ඉන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළ ඔස්ට්‍රේලියානු පිලේ නායක ස්ටීවන් ස්මිත් තමා මේ පිළිබඳ වේලාසනින් දැන සිටි බව පිළිගත්තේය. ඒ අනුව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ දැනුම්දීම මත නායකත්වයෙන් ඉවත්වීමට ඔහුටත්, උපනායකත්වයෙන් ඉවත්වීමට වෝනර්ටත් සිදුවිය.

තරගයේ ඉතිරි දින 2දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කඩුලු රකින ක්‍රීඩක ටිම් මේ වෙත පවරා තිබේ. පන්දුව පළුදු කිරීම සම්බන්ධව පරික්ෂණ කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();