Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විශ්වාසභංගයට එජාපය ශක්තිමත්ව මුහුණ දෙනවා

Author(s): 
අනුර ප්‍රේමලාල්

විශ්වාසභංගයට එක්සත් ජාතික පක්ෂය ඉතාම ශක්තිමත් ලෙස මුහුණ දෙන බව රාජ්‍ය ආරක්ෂක ඇමැති රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත් (22) කොළඹ පැවැති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය. එහි දී වැඩි දුරටත් කතා රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීය.

ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ මේ විශ්වාසභංග යෝජනාවට එරෙහිව අගමැතිවරයා ආරක්ෂා කිරීමට එජාපයේ සිටින සියලු මන්ත්‍රීවරු කටයුතු කරන බවට ලේඛනයකට අත්සන් යෙදුවා. එමෙන්ම එක්සත් ජාතික පෙරමුණ ලෙස අපිත් සමඟ සිටින අනෙකුත් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුත් මේ මතයේම සිටිනවා. ඒකාබද්ධ විපක්ෂය වසර දෙකහමාරක් තිස්සේ විශ්වාසභංග යෝජනා ගැන කතා කළා. ඒවා සියල්ල පුස්සක් වුණා. මෙවරත් එය පුස්සක් වෙනවා සිකුරුයි. දැනට දෙමළ ජාතික සන්ධානයත්, ජනතා විමුක්ති පෙරමුණ ගැනත් අපිට කිසිවක් කිව නොහැකි වුණත් රට ගැන සිතා ඒ අයත් නිවැරැදි තීන්දුවක් ගනී කියලා විශ්වාස කරනවා. මේ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතවාද කිහිපයක් තියෙනවා. කෙසේ වෙතත් අගමැතිවරයා මෙහි දී ජයග්‍රහණය කරයි. ජාතික ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිපයේ සිටින අය විවිධ මතවල සිටීම නිසා ජාතික ආණ්ඩුවකට බාධාවක් වෙනවා. එ් ගැන රජයක් ලෙස ඉදිරියේ දී තීන්දුවක් ගන්න වෙනවා. ආණ්ඩුවේ ඇමැති ධුර දරාගෙන එය කඩාකප්පල් කරන්න යනවා නම් ඒ ගැන තීරණයකට යා යුතුයි. අපට එජාප ආණ්ඩුවකට වුණත් යා හැකියි. ගැටලුවක් නැහැ.

මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරණ කටයුතු ලබන මැයි මාසය වෙන්න කලින් සිදුවෙයි. එජාප මන්ත්‍රීවරුන්ගෙන් සැදුම් ලත් කමිටුවක් විසින් සකස් කරන ලද වාර්තාවක් එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දී තියෙනවා. රටේ ජනතාවට එම වාර්තාවේ තියෙන යෝජනා මොනවාද කියා ඉරියේ දී දැන ගන්න පුළුවන්. එහි දී නවක නිලධාරීන් පත්කොට ඔවුන්ට වැඩකටයුතු භාර දෙන්නත් බිම්මට්ටමේ සංවිධාන කටයුතු ශක්තිමත් කරන්නත් මෙහි යෝජනා කර තිබෙනවා. පක්ෂ නායකත්වයත් ඊට හොඳ ප්‍රතිචාරයක් දක්වලා තිබෙනවා. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();