Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රන්ජන්ගේ ප්‍රකාශය - පරීක්ෂණ නීතිපතිට පවරයි

Author(s): 
නෙල්කා මැදගෙදර

මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා සිදු කළ බව කියන ප්‍රකාශය පරීක්ෂා කර බලා එමඟින් අධිකරණයට අපහාසයක් කර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා ගොනු කළ හැකිද යන්න පිළිබඳ සිය ස්ථාවරය දැනුම් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (23) නීතිපතිවරයාට නියම කෙළේය.

මාධ්‍ය හමුවක දී නීතිඥවරුන් සහ අධිකරණ විනිසුරුවරුන් සම්බන්ධ ප්‍රකාශයක් කිරීම මඟින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සමක් කැඳවූ අවස්ථාවේ දී මේ නියෝගය කරන ලදී.

සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මේ පෙත්සම ඊයේ (23) කැඳවන ලදී.

එහි දී ලිඛිත දේශන ගොනු කිරීම සඳහා වගඋත්තරකාර රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් කරන ලද ඉල්ලීමට අවසර දෙනු ලැබිණි.

මාගල්කන්දේ සුදන්ත හිමි සහ හිටපු හමුදා නිලධාරියකු වන සුනිල් පෙරේරා විසින් මේ පෙත්සම ගොනුකර තිබුණි.

එම ප්‍රකාශය මඟින් රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාසයක් සිදුකර තිබේද යන්න විමර්ශනය කර ඔහුට දඬුවම් නියම කරන ලෙස මේ පෙත්සම් මඟින් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

අදාළ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පටය සියලු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විමර්ශනය සඳහා යොමු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර තීරණය කෙළේය.

නීතිඥ රසික දිසානායක පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

නීතිඥ විරාන් කොරයා මහතා විත්තිකාර රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි අතර, අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();