රාජකීය තුරඟ සමාජය වසන්ත සමයේ පවත්වන තුරඟ තරගමාලාවේ පළමු අදියර හෙට (17වැනිදා) නුවරඑළීය තුරඟ තරග පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවන තුරඟ තරගාවලියට වෙනදා මෙන්ම මෙවරත් අශ්වයන් 33ක් පමණ එක්වීමට නියමිතය.
වසන්ත සමයේ තුරඟ තරගාවලිය හෙට දිනට අමතරව. අප්‍රේල් 1, 5 හා 28 යන දිනවලදී පැවැත්වීමට රාජකීය තුරඟ සමාජය කටයුතු යොදා තිබේ.
වසර ගණනාවක් ඈතට දිවයන ආණ්ඩුකාර කුසලානය (Governors Cup ) හා රැජන කුසලානය (Queens Cup ) දිනන්නේ කවුද? යන්න බොහෝ දෙනකුගේ අවධානයට මෙවරත් ලක්ව ඇත. තුරඟ තරගවලට බොහෝ කැමැති ඒ වෙනුවෙන්ම නුවරඑළියට පැමිණෙන ‘නෝනාවරුන් හා මහත්වරුන්‘ උදේ කාලයේ වාද විවාද ඇති කරගත්තේ මේ දැවැන්ත තරග දෙකේ ජයග්‍රහණය කවුරුන් විසින් මෙවර හිමිකර ගනීද යන්නය. ඇමෙරිකා එක්සත් ජනපදය තුල, එක්සත් රාජධානියේ, ප්‍රංශයේ හා ඔස්ට්‍රේලියාවේ තුරඟ තරගවල ප්‍රධාන කුසලාන සේම ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාර කුසලානය (Governors Cup ) හා රැජන කුසලානය (Queens Cup ) ඉතාම ප්‍රසිද්ධියක් උසුලනු ලබයි. මේ නිසාම මෙම තරගවල ජයග්රහාකයිනට ද විශාල ප්‍රසිද්ධියක් නිතැතින්ම හිමි වේ.
නුවරඑලිය තුරඟ තරග පවත්වන ක්‍රීඩාංගණය තුල පෙරට වඩා පහසුකම් රාශියක් නිර්මාණය කිරීමට රාජකීය තුරග සමාජය පියවර ගෙන ඇත. තුරඟ තරගයට පෙර තුරඟයින්ගේ තහනම් උත්තේජන පරීක්ෂාව සිදු කිරීමට ඉන්දීය ජාතික විශේෂඥ වෙවද්‍යවරු පිරිසක් කටයුතු කිරීමෙන් තුරඟ තරගවල විශ්වාසය වැඩි කිරීමට තරග සංවිධානය කරන රාජකීය තුරඟ සමාජය කටයුතු කිරීමද කාගේත් ප්‍රශංසාවට ලක්ව ඇත.
ආණ්ඩුකාර කුසලානය (Governors Cup ) සදහා වූ තරගයට දැන් සිටින අංක එකේ තුරඟයින් තරග වදින අතර රැජන කුසලානය (Queens Cup ) සදහා ද එවැනිම ජවයකින් යුතු තුරඟයින්ට දොරටු විවරවී තිබුණි.
පසුගිය වසරේ පිට පිට ජය වාර්තා කළ දීප්තිකා ජයකොඩි මෙනවියගේ ‘අල්කසාබා‘ ‘සිල්වර් ස්ට්‍රීක්‘ යන අශ්වයන් , අංජලී ස්ටේබල් අයත් ‘චාර්ලිමැග්නී‘ මෙන්ම කවදත් උණුසුම් සටනක් දෙන හසංග ජයරත්න මහතාගේ ‘කිංග්ස්ටන් ටවුන්‘, පූර්ණි එඩ්වර්ඩ් හා රියෙන්සි එඩ්වර්ඩ් යුවලට අයත් ‘සැන්ටොස්‘, අනුර දෙල්ගොඩ මහතාගේ ‘චුල් බුල් පාන්ඩී‘ අජන්ත ද සොයිසා මහතාගේ ‘බ්‍රිලියන්ට් කට්‘ යන අශ්වයන් පිළිබඳ මෙවරද කතාබහක් ඇතිවේ.
වසර 2016දී පැවැති තුරග තරග 89කදී රුපියල් මිලියන 25.1ක මුදලක් ජයග්‍රාහකයන්ට පිරිනැමුණු අතර මෙවර ද ඒ හා සමාන මුදල් ත්‍යාග හිමිකර දීමට කටයුතු යෙදේ.
රන් ආලේපිත ආණ්ඩුකාර කුසලානය සමග ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග ජයග්‍රහකයින්ට හිමිකරදීමට මෙවර වසන්ත සමයේ රාජකීය තුරඟ සමාජය කටයුතු යොදා ඇත. රන් ආලේපිත රැජන කුසලානයට ද මෙවර විශාල තරගයක් නිර්මාණය වී තිබීම නරඹන්නන් තුල ආශ්වාදය වැඩි කරන අත්දැකීමක් වේ. එම තරගයේ දීප්තිකා ජයකොඩි මෙනවිය, හසංග ජයරත්න හා අනුර දෙල්ගොඩ යන මහත්වරුන්ට අයත් තුරඟයින් අතර තුන්කොන් සටනක් වීමට බොහෝ සෙයින් ඉඩ ඇත. පසුගිය වසරේදී හසංග ජයරත්න මහතාට අයත් ‘මෙහෙරාන්‘ තුරඟයාට දීප්තිකා මෙනවියගේ ‘අල්කසාබා‘ සියුම් ලෙස පරාජයවීම ආන්දොලනාත්මක සිදුවීමක් විය.
තුරඟ තරග පැවැත්වෙන අතර තුරදී මියුරු සංගීතය හා ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගීත ශ්‍රවණය කිරීමට අවස්ථාව උදාකරදීමට රාජකීය තුරඟ සමාජය කටයුතු යොදා තිබේ. සංගීතය සමග මුසුවූ නර්තනය ද අලංකාර දසුනකි. එයට අමතරව ජයග්‍රහණ රැසක් හිමිකරගත් දීප්තිකා ජයකොඩි මෙනවියගේ විලාසිතා දැක්මක් ද රාජකීය තුරඟ සමාජයේ ඉල්ලීම පරදි පැවැත්වේ.
නුවරඑළිය රාජකීය තුරඟ සමාජයේ හිටපු ප්‍රධාන විධායක වේන් වුඩ් මහතාගේ ධූර කාලය අවසන්වීම හේතුවෙන් නව ප්‍රධාන විධායක ලෙස සින්ක්ලෙයාර් මාෂල් මහතා පත් කිරීමට රාජකීය තුරඟ සමාජ විධායක කමිටුව ඒකමතිකව තීරණය කරයි. සින්ක්ලෙයාර් මාෂල් මහතා පසුගිය කාලය පුරාම රාජකීය තුරඟ සමාජයේ නියෝජ්‍ය ප්‍රධාන විධායක ලෙස කටයුතු කරමින් හසල අත්දැකීම් ලබා ඇති අයෙකි.
ඉන්දියාවේ මුම්බායී, පූනේ, මදුරාසි හා මයිසූර් වැනි තුරඟ ක්‍රීඩා සමාජවල ශූරතා රැසක් දිනාගත් අශ්වාරෝහකයෙකු වූ සින්ක්ලෙයාර් මහතා තුරඟ තරගවල වෘත්තීමය තත්ත්වයට පැමිණි අයෙකි. ඔහු තුරඟ තරග ධාවන කළමණාකරුවෙකු හා ඉන්දීය අශ්වාරෝහක සම්මේලනයේ සභාපති ලෙස වසර ගණනාවක් කටයුතු කොට තිබේ.
බැංගලෝර් තුරඟ සමාජයේ භාරකරු ලෙස කලක් කටයුතු කළ ඒ මහතා බැංගලෝර් ආධුනික අශ්වාරෝහක පුහුණු මධ්‍යස්ථානයේ නායකත්වය ගෙන කටයුතු කළේය.
0 Comments