පැරාලිම්පික්ස් ඉතිහාසයේ වැඩිම රන් පදක්කම් පිරිනැමෙන ශීත සෘතු පැරාලිම්පික්ස් ක්‍රීඩා උළෙල මේ දිනවල දකුණු කොරියාවේ පියොංචැං නුවර පැවැත්වෙන්නේ රටවල් 49ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 570කගේ සහභාගිත්වයෙනි.
මෙවර ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 80ක් පිරිනැමෙන අතර එය 2014 සෝචි ශීත සෘතු පැරාලිම්පික්ස් ක්‍රීඩා උළෙලේදී ප්රදානය කෙරුණු රන් පදක්කම් සංඛ්‍යාවට වඩා අටකින් වැඩි වීමකි. මාර්තුදා 18 වැනිදා දක්වා පැවැත්වෙන ක්‍රීඩා උළෙලට හිම පැරාලිම්පික් ක්‍රීඩා හයක් ඇතුළත්ව තිබේ.
පියොංචැංහිදී හිම ක්‍රීඩා ඉසව් වැඩි ප්‍රමාණයක් පැවැත්වෙන අතර ඇල්පයින් හිම මත ලිස්සා යාමේ තරග සෝල් අගනුවරට කිලෝ මීටර 215ක් දුරින් පිහිටි ජියොංසියොන් ප්‍රදේශයේ පැවැත්වේ. අයිස් තරග සියල්ල පැවැත්වෙන්නේ ගංවොන් පළාතේ ගංනිඋං නමැති වෙරළබඩ නගරයේය.
ජෝර්ජියා හා ටජිකිස්ටාන් යන රටවල් සමග උතුරු කොරියාව මෙවර ප්‍රථම වතාවට පැරාලිම්පික්ස් ක්‍රීඩා උළෙලකට එක්ව සිටිති. ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුවේ විශේෂ ආරාධනයකින් මෙවර ක්‍රීඩා උළෙලට සහභාගි වී සිටින උතුරු කොරියාව රට හරහා හිම මත ලිස්සා යාමේ ඉසව්ව සඳහා ක්‍රීඩකයන් දෙදෙනෙකු සහභාගි කර තිබේ. පැරාලිම්පික්ස් ක්‍රීඩා උළෙලට උතුරු කොරියාවේ සහභාගිත්වය කොරියානු අර්ධද්වීපයේ හතුරු දෙරටක් නැවතත් මිත්‍ර වීමකට මං විවර කර තිබේ.
ශීත සෘතු පැරාලිම්පික්ස් උළෙල මේ දිනවල මහත් උද්යෝගයෙන් යුතුව පැවැත්වෙන්නේ 2018 පියොංචැං ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල පසුගිය පෙබරවාරි 25 වැනිදා සාර්ථකව අවසන් වීමෙන් පසුවය. මේ දෙවැනි ඔලිම්පික් උළෙලින් කොරියානු අර්ධද්වීපයේ පමණක් නොව මුළු මහත් ආසියාවේ මෙන්ම ලොව වටාද සාමය හා ස්ථාවරත්වය ශක්තිමත් වනු ඇතැයි කොරියාව අපේක්ෂා කරයි.
මීට අමතරව, කොරියානු කලාපය හරහා ශීත සෘතු ක්‍රීඩාවන්ට නව උරුමයක් නිර්මාණය කෙරෙන අතරවාරයේ ඔලිම්පික් වටිනාකම ආසියාව තුළ තවදුරටත් වර්ධනය කිරීමට මේ පියොංචැං 2018 ක්‍රීඩා උළෙල විශිෂ්ට අවස්ථාවක් වනු ඇති බවටද කොරියාව විශ්වාස කරයි.
0 Comments