Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මලාලා පාකිස්තානයට එයි

තලේබානුවන් ගේ වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් පසු පළමු වරට මලාලා යුසුෆ්සායි පාකිස්තානයට පැමිණියාය. මේ වන විට 20 වැනි වියේ පසු වන ඇය 2012 වසරේ දී තලේබාන් කැරැලිකරුවන් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් මරණාසන්න තුවාල ලැබුවාය. ඇය මෙසේ කැරලිකරුවන් ගේ උදහසට ලක්ව තිබුණේ කාන්තා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම හේතුවෙනි.

ඇයගේ පාකිස්තාන ගමනේ තොරතුරු රහසිගත වන නමුත් අග්‍රමාත්‍ය ෂහිඩ් අබ්බාසි හමුවීමට නියමිත බව පමණක් වාර්තා වී ඇත.

ඇය සහ ඇයගේ මවුපියන් දැඩි ආරක්ෂක රැකවල් මැද ඉස්ලාමාබාද් හි බෙනාසිර් භූතෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටව යන අයුරු එරට රූපවාහිනිය මගින් විකාශය කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();