වෙනිසියුලාවේ වැලෙනිසියා නගරයේ පොලිස් ස්ථානයක ඇති වූ ගින්නක් සහ කලහකාරි තත්ත්වයක් හේතුවෙන් 68 දෙනකු මිය ගිය බව එරට රජය තහවුරු කරයි. මෙම සිදු වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව කැරබොබො ප්‍රාන්ත පොලිස් ප්‍රධානියා පවසයි.
වාර්තා වන අන්දමට ගින්න ආරම්භ වී ඇත්තේ සැකකරුවන් රඳවා සිටි ස්ථානයේ තිබූ මෙට්ටයකින් බව මෙතෙක් සිදු කළ පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත. ගින්න ඇති වීමත් සමග පොලිස් ස්ථානය අවට රැස් වූවන් කලහකාරි ලෙස හැසිරීමත් සමග ඔවුන් පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් භාවිතා කිරීමට ද සිදු වූ බව පොලීසිය වාර්තා කරයි.
0 Comments