බැඩ්මින්ටන් නිලවරණය සම්බන්ධව ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල්වරයාට එරෙහිව බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමයේ සභාපතිවරයා ඇතුළු නිලධාරී පිරිසක් විසින් ගොණුකර ඇති නඩුව සමථයකට පත්කර ගැනීමට දෙපාර්ශ්වය සූදානම් වෙයි. මේ නඩුව පසුගියදා අවසන්වරට කැඳවූ අවස්ථාවේදී ක්‍රීඩා අධ්යක්ෂවරයාගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ පිරිස, ලිඛිත දේශනයක් පැවැත්වීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව දැනුම් දීමෙන් නඩුව මැයි මාසයට කල් තැබුණි.
බැඩ්මින්ටන් පරිපාලනය යළි යථා තත්ත්වයට පත්කර ගැනීමට මේ නඩුව බාධාවක්ව ඇති බැවින් කොන්දේසි කිහිපයක් ක්‍රීඩා අමාත්‍යාංශයට යොමු කිරීමට නඩුව ගොණුකළ පිරිස පියවර ගෙන ඇතැයි වාර්තා වේ. ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල්වරයාගේ පාර්ශ්වය නියෝජනය කරන නීතීඥ පිරිස සමතයකට පත්වීමේ අදහසින් ලිඛිත දේශනය පැවැතිවීමට සූදානම්වන ඕනෑම අවස්ථාවක මෝසමක් මගින් නඩුව කැඳවා අවසන් කර ගැනීමට සූදානම් බව නඩුව ගොණුකළ පිරිස සඳහන් කර සිටී.
අනතුරුව සාමාන්‍ය ක්‍රීඩා නීතිය යටතේ තාවකාලිකව අත්හිටුවා ඇති ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇත.
පසුගිය වසරේ පැවැති බැඩ්මින්ටන් නිලවරණයට අදාළව ක්‍රීඩා අමාත්‍යාංශය නම්කළ නිලවරණ කමිටුව, නාම යෝජනා කැඳවීමේදී ස්වාධීනව කටයුතු කර නොමැති බවට බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමයේ සභාපති රීසා ජුමාර්, බැඩ්මින්ටන් සම්මේලනයේ හිටපු සභාපතිවරුන්වන පරාක්‍රම බස්නායක, හිටපු ලේකම් ක්‍රිස්ටෝ ගෝනවල, හිටපු උප සභාපති වසන්ත කුමාර හා ලක්ෂ්මී පුංචිහේවා යන මහත්ම මහත්මීහූ ඇතුළු පිරිසක් ක්‍රීඩා අමාත්‍යාංශයට එරෙහිව ලිඛිතව පැමිණිලි කර සිටියහ.
එහිදී ලැබුණු ප්රතිචාරවලන් සෑහීමකට පත් නොවන බව පවසා එම පිරිස අධිකරණය හමුවේ චෝදනා ගොනුකළ අතර මාස කිහිපයක් නඩුව විභාග වෙමින් පැවැතුණි. මේ අතරතුරදී ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව ජාත්‍යන්තරව තහනම් කිරීමට අන්තර්ජාතික බැඩිමින්ටන් සංගමය පියවරගත් අතර පසුව ක්‍රීඩා ඇමැති නීතීඥ දයාසිරි ජයසේකර මහතාගේ මැදිහත්වීමෙන් තහනම ඉවත් කෙරුණි. බැඩ්මින්ටන් පරිපාලනයට නිසි බලධාරියා ලෙස ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල්වරයා පත්කළද ඔහු අබිබවා යමින් යම් පිරිසක් කටයුතු කරන බවට හිටපු සභාපති රීසා ජුමාර් මහතා චෝදනාවක් ගොණු කළහ.
ලෝක බැඩ්මින්ටන් සම්මේලන ව්‍යවස්ථාවේ අංක 13.5 රෙගුලාසි කඩ කිරීමේ චෝදනාව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට එල්ලවී ඇති අතර නිශ්චිත කාල රාමුවක් තුළදී බැඩ්මින්ටන් ව්‍යවස්ථාව අනුව මහා සභා රැස්වීමක් පවත්වා නීත්‍යානුකූල නිලධාරී මණ්ඩයක් පත්කර ගන්නා ලෙස ලෝක බැඩ්මින්ටන් සම්මේලනය දැනුම්දී ඇත.
0 Comments