Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බොහෝ රටවල දියුණුවට හේතුව එහි අධ්‍යාපනයේ කළ වෙනසයි

Author(s): 
වයඹ පළාත් සංචාරක සේන ඉදිරිසිංහ

අද ලෝකයේ රටවල් දියුණුවට පත්ව ඇත්තේ අධ්‍යාපනයේ ඇති කළ වෙනස්කම් නිසා බවත් රටේ දූ දරුවන්ගේ අනාගතය රැඳී අත්තේ අධ්‍යාපනය මත බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයේ ඉදිකළ පරිපාලන සංකීර්ණය සහිත දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ඉංග්‍රීසි අධ්‍යාපනය නඟාසිටුවන් විශාල වැඩකොටසක් සිදුකිරීමට අපේක්ෂා කරන බවත් විශේෂයෙන්ම බ්‍රිටිෂ් කවුන්සිල් එක වගේම ඉන්දීය රජයත් සමඟ එක්වී සාකච්ඡාකර ඉංග්‍රීසි ගුරුවරුන් ගෙන්වා මෙහෙ පුහුණු කරන්න අවශ්‍ය කටයුතු කරමින් යන බවත් හෙතෙම කීය.

මීට අමතරව සියලුම පාසල්වලට සංගීත භාණ්ඩ ලබාදෙන්න විශාල මුදලක් වෙන් කළ බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා කොමිස් ගහන්නේ නැතිව ගසාකන්නේ නැතිව රජය වැඩ කර ඇති බව සඳහන් කළේය.

මේ රටේ මානව සම්පත් දියුණු කළ හොත් ලෝකයේ හොඳ තැනකට අපි පත්වයන බවත් ඒ නිසා මානව සම්පත දියුණු කළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

ළඟම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 240ක අධ්‍යාපන අමාත්‍යංශ ප්‍රතිපාදන මත ඉදිවූ මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ, වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වේඩරුව මහත්මාවරුන් ඇතුළු අධ්‍යාපන නිලධාරීහු පිරිසක මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();