Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විශ්වාසභංගය පුස්සක්

 

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පුස්සක් බවත්, එය පරාජය කිරීමට රජයට හැකියාවක් ඇති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ලෝක ක්ෂය රෝග දිනය වෙනුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන සංවිධානය කළ පාගමනට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. කොළඹ නිදහස් චතුරශ්‍රයේ සිට පදනම් ආයතනය දක්වා මෙම පාගමන පෙරේදා (24) පෙරවරුවේ පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට සියලු බලවේග අපි එකතු කරනවා. එය පරාජයට පත්කිරීමට කටයුතු කරනවා. වසර 2020 වනතුරු මෙම රජය පවතිනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන් දිනයට සුබපතන අතර, දීර්ඝායුෂ ද ප්‍රාර්ථනා කරනවා. අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටිමින් තවත් කාලයක් ජනතාවට සේවය කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි මම විශ්වාසය පළ කරනවා.”

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();