ආසියා ජ්‍යෙෂ්ඨ 19 වැනි ස්කොෂ් කණ්ඩායම් ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නායකත්වය රවිඳු ලක්ෂාන්ට සහ කාන්තා කණ්ඩායමේ නායකත්වය මිහිලියා මෙත්සරණිට හිමිවී තිබේ.
මේ මස 21 වැනිදා සිට 25 දක්වා දකුණු කොරියාවේ පැවැත්වෙන මේ ශූරතාවලියට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16ක් පිරිමි තරග අංශයටත්, රටවල් 11ක් කාන්තා තරග අංශයටත් එක්වී සිටී.
ආසියා ස්කොෂ් තරග බිමේ ප්රබලතම කණ්ඩායම් වන හොංකොං, පාකිස්තානය, ජපානය, මැලේසියාව සහ දකුණු කොරියාව ඒ අතර වේ. කාන්තා තරග බිමට හොංකොං, පාකිස්තානය, ජපානය, මැලේසියාව සහ දකුණු කොරියාව වැනි ප්‍රබල රටවල් රැසක් ඇතුළත්ය. ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) දකුණු කොරියාව බලා පිටත්ව යයි.
කණ්ඩායමේ කළමනාකරු ලෙස වින්ග් කමාන්ඩර් එරංග ගීගනගේ මහතා කටයුතු කරන අතර පුහුණුකරු ලෙස චමින්ද තලගල මහතා කටයුතු කරයි. සඳමිණී වික්‍රමසිංහ මහත්මිය ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය ලෙස සංචාරයට එක්වී සිටින අතර සුමිත්‍රා වනසිංහ මෙනෙවිය ක්‍රීඩා අමාත්‍යාංශය නියෝජනය කරමින් නිරීක්ෂණ නිලධාරිනිය ලෙස මේ සංචාරයට එක්වී සිටී.
පිරිමි කණ්ඩායම - රවිඳු ලක්සිරි (නායක), ෂාමිල් වකීල්, ගිහාන් සුවාරිස්, ඩ්රවින්ක පෙරේරා (රාජකීය විදුහල)
කාන්තා කණ්ඩායම - මිහිලියා මෙත්සරණී (නායිකා), ෆාතිමා ඉසඩීන්, කසුනි ගුණවර්ධන (විශාකා විදුහල), සමීරා ඩීන් (බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය)
0 Comments