පිලිපීනයේ මැනිලා අගනුවර ආසන්නයේ නිවසක් මතට කුඩා ගුවන් යානයක් කඩාවැටීමෙන් පුද්ගලයන් 10 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පෞද්ගලික ප්රවාහන ගුවන් සේවාවකට අයත් ඇපාචි වර්ගයේ ගුවන් යානයේ ගමන් ගත් පස්දෙනකු සහ නිවසේ සිටි පස්දෙනකු මෙහි දී මියගොස් ඇති බව වාර්තා වෙයි.
නිවසේ සිටි ළමයින් තුන්දෙනකු, ඔවුන්ගේ මව සහ මිත්තනිය මේ ගුවන් අනතුරෙන් මියගොස් තිබේ.
අනතුරෙන් පසු අදාළ ගුවන් සේවයට අයත් සියලුම යානාවල ගුවන් ගමන් අත්හිටුවා ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.
0 Comments