Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ස්ථාන කිහිපයක ඡන්ද පෙට්ටි බෙදා අවසන්

බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 18ක ඡන්ද විමසීමට අදාළ ඡන්ද පෙට්ටි සියල්ල මේ වන විට ඡන්ද මධ්‍යස්ථාන වෙත ලැබී ඇතැයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

මේ වන විටත් ඡන්ද විමසීමට අදාළ කටයුතු ඉතා සාමකාමීව සිදුවන බවයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි පැවසුවේ.

මේ අතර මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර සඳහන් කළේ අදාළ පළාත් පාලන ආයතන සියල්ල සඳහා ද මැතිවරණය වෙනුවෙන් අවශ්‍ය ඡන්ද පෙට්ටි මේ වන විට ඡන්ද මධ්‍යස්ථාන වෙත ලැබී අවසන් බවයි. 

ඒ අනුව ඡන්ද මධ්‍යස්ථාන 925ක් සඳහා අවශ්‍ය කරන නිලධාරීන් ද මේ වන විට යොමු කර අවසන් බව ද පැවසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();