රත්‍රං කැබලි හතරක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික කාන්තාවක් අද (09) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි මෙම කාන්තාව අද උදෑසන 8.30 ට පමණ ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් -129 දරණ ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
ඇය විසින් රැගෙන ආ සිය ගමන් මල්ලේ බර ග්‍රෑම් 100 බැගින් වූ , ග්‍රෑම් 400 ක් බර මෙම රත්‍රං කුට්ටි හතර සඟවා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.
මෙම කාන්තාව රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.


0 Comments