ලන්ඩනයේ අති සුඛෝපභෝගී හෝටලයක පසුගියදා පැවැත්වුණු පිරිමින්ට පමණක් සීමා කෙරුණ සාදයකට සහභාගී වූ ඇමතිවරයකු බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලයේ දැඩි දෝෂාරෝපණයට ලක් වී ඇත. එම සාදයට සහභාගි වූ ධන කුවේරයන් සඳහා සංග්‍රහ කිරීම සඳහා කොට ඇඳුමින් සැරසී සිටීම අනිවාර්ය කරන ලද සත්කාරක තරුණියන් යොදවා තිබුණ අතර සාදය අතරවාරයේ මත්පැනින් පදම් වූ ඇතැම් පුරුෂයන් ඔවුන්ට ලිංගික හිරිහැර කළ බවට වාර්තා වීමත් සමගය. අරමුදල් රැස් කිරීමේ අරමුණෙන් මෙම සාදය සංවිධානය කර ඇත්තේ ද ප්‍රසිඩන්ට් ක්ලබ් නම් බ්‍රිතාන්‍යයේ ඉහළ සමාජය නියෝජනය කරන සංවිධානයක් විසිනි.
ඊට සහභාගි වූ ළමයින් සහ පවුල් කටයුතු භාර ඇමති නදීම් ෂහාවි එසේ දෝෂ දර්ශනයට ලක් වී ඇති නමුත් ඔහු පවසන්නේ තමා එම පුරුෂ සාදයට සහභාගී වුවත් වහාම එම ස්ථානයෙන් පිටව ගිය බවයි. එසේ වුවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජුලියන් ස්මිත් ඉදිරියේ කරුණු පැහැදිලි කරණ ලෙස නදීම් ෂහාවිට දන්වා තිබේ.
0 Comments