Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දකුණු කොරියාවේ රෝහලක ගින්නකින් 41ක් මිය යති

දකුණු කොරියාවේ රෝහලක ඇති වූ ගින්නකින් 41 දෙනකු මියගොස් 70 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා තිබේ. මිර්යන්ග් නගරයේ පිහිටි සෙජොන්ග් රෝහලේ හදිසි ඒකකයෙන් මේ ගින්න ආරම්භ වී පැතිර ගොස් ඇත. ඒ වන විට රෝහල තුළ සහ යාබද සාත්තු නිවාසයේ 200 දෙනකු පමණ සිට ඇත.

දශකයට ආසන්න කාලයක් තුළ දකුණු කොරියාවේ සිදු වූ දරුණුතම ගින්න මෙය වන අතර පිලිස්සුම් තුවාල ලැබූ බොහෝ දෙනෙක් බරපතළ තත්ත්වයේ පසු වෙති. බොහෝ දෙනකු මිය ගොස් ඇත්තේ දුම ආඝ්‍රහණය වීමෙන් බව යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව ගිනි නිවන හමුදා ප්‍රධානී චොයි මන්- වූ පවසයි. රෝහලේ සහ සාත්තු නිවාසයේ සිටි සමහර තුවාල කරුවන් රෝහලට ගෙන එන අතරතුර මිය ගොස් සිටි බව ද සාත්තු නිවාසයේ සිටි 94 දෙනකු ආරක්ෂාකාරීව පිටතට ගෙන ඇති බව ද ඔහු පැවසීය. 

 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();