රෝහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා අවුන් සාං සුඛි විසින් පත් කරන ලද ජාත්‍යන්තර කමිටුවේ බිල් රිචඩ්සන් එම පදවියෙන් ද ඉවත්වී ඇත. ජ්‍යෙෂ්ඨ ඇමෙරිකා රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වන බිල් රිචඩ්සන් එම තනතුරෙන් ඉවත් වී ඇත්තේ මියන්මාරයේ නිල නොලත් නායිකාව වන අවුන් සාං සුකී සදාචාරාත්මක ගුණයෙන් පිරිහුණ නායිකාවක යැයි ද ප්‍රකාශ කරමිනි.
ඔහු ඇගේ දිගු කාලීන මිතුරකු වන නමුත් අවුන් සාං සුකී විසින් පත් කරන ලද ජාත්‍යන්තර කමිටුව සුදු හුනු ගෑමක් ලෙස විග්‍රහ කරමින් සිය දිගු කාලීන මිතුරියගේ නායකත්ව ගුණය ප්‍රශ්න කරයි. එවන් සුදු හුනු ගාන ආයතනයක් සහිත ආණ්ඩුවකට ආවඩන කල්ලියක සාමාජිකයකු වීමට තමාට අවශ්‍ය නැතැයි ඔහු වැඩි දුරටත් පවසයි.
බිල් රිචඩ්සන් ඔහු විසින් ඔහුම අධීක්ෂණයට ලක් කර ගත යුතු බව ඊට ප්‍රතිචාර දක්වමින් මියන්මාරය පිළිතුරු දී තිබේ. බිල් ක්ලින්ටන් පාලනයේ උපදේශකවරයකු ලෙස කටයුතු කර ඇති බිල් රිචඩ්සන් දශක කීපයක කාලයක් අවුන් සාං සුකී හා වඩාත් හිතවත් රාජ්‍යතාන්ත්‍රිකයෙකි.
0 Comments