Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රීලනිප අනුශාසකත්වයෙන් මහින්ද ඉවත් කරන්න

Author(s): 
ස්වර්ණා විජේකෝන්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා‍ නිදහස් පක්ෂයේ අනුශාසක තනතුරින් ඉවත් කරන ලෙස පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හා පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානය පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිමින් වෙනත් පක්ෂයක් ප්‍රවර්ධනය කිරීමට හා වෙනත් පක්ෂයක් දිනවීමට කටයුතු කරන බවත් එවැනි අයකු පක්ෂයේ අනුශාසක තනතුරේ තැබීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ වෘත්තීය වේදීන්ගේ සංවිධානයේ ‍මෙහෙයුම් කමිටු සාමාජික නීතිඥ රජිත් කොඩිතුවක්කු මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය කිරීමට මෙන්ම පක්ෂය දෙකඩ කිරීමට කටයුතු කරමින් සිටින බවත් කොඩිතුවක්කු මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (26) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ රජිත් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතා ජී. එල්. පීරිස් මහතාගේ පක්ෂය ප්‍රවර්ධනය කරන සන්නාම තානාපති බවට පත්ව ඇති බවයි.

එබැවින් මහින්ද රාජපක්ෂ මහතා තව දුරටත් පක්ෂයේ අනුශාසක ලෙස තබා නොගත යුතු බවත් කොඩිතුවක්කු මහතා‍ අවධාරණය කළේය.

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේග එක්රැස් කරමින් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා පොදු ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළ අතර, පක්ෂය වෙනුවෙන් බණ්ඩාරනායක මහතා සිය පවුලෙන් උරුම වූ ධනය පවා අහිමි කරගත් බවත් පැවැසීය.

බණ්ඩාරනායක මහතා, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඇතුළු පක්ෂයේ නායකයන්ගෙන් පෝෂණය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය පාලන සමයේ දී දූෂිතයන්ගේ, වංචාකරුවන්ගේ තිප්පොළක් බවට පත් වූ බවත් වැඩි දුරටත් සඳහන් කළේය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();