මහරගම මෝටර් සයිකලේ ස්වාධීන කණ්ඩායම පත්වූවිට ඔවුන් ඉල්ලා අස්වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම පත්වෙනවා කීම ප්‍රායෝගිකව ගැටලු සහගත තත්ත්වයක් බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි. මෙවැනි තත්ත්වයන් පළාත් පාලන මැතිවරණ කිහිපයකදීම අපි අත්දැක තිබෙන අතර, එක් පළාත් පාලන මැතිවරණයක දී කොළඹ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වුණු අවස්ථාවේදී ඇස් කණ්ණාඩි කණ්ඩායම පත් කීරීමට මෙවැනි ප්‍රචාරයක් ගෙන ගියත් එහි ප්‍රතිඵලය සියලු දෙනාට දැක ගන්න හැකි වූ අතර, ප්‍රචාරණ වැඩපිළිවෙළ දේශපාලන පක්ෂ කොයි ආකාරයට ගෙන ගියත් ඡන්ද දායකයා බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. ඡන්දායකයාට දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට සිය කැමැත්ත පරිදි ඡන්දය භාවිත කිරීමට තිබෙන අයිතියට අපි කවුරුත් ගරු කළ යුතුයි. තිබෙන මැතිවරණ නීති අනුව එක් කණ්ඩායමක් ඉවත්වෙන කොට පළාත් පාලන ආයතනයේ පාලන කාලය අවසන්විය හැකි බව එම කොමිසම පෙන්වා දෙයි.
0 Comments