Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අගමැතිට කරන චෝදනා පාරාවළල්ලක් වෙලා

එක්සත් ජාතික පක්ෂ නායකත්වයට බැඳුම්කර චෝදනා එල්ල කරන පසුගිය රජයේ ඇතැම් පිරිස්වලට අද එම චෝදනා පාරාවළල්ලක් වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අදාළ බැඳුම්කර සිද්ධිය සැල වූ වහාම 2015 වසරේදීම අග්‍රාමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පිටිපන ත්‍රිපුද්ගල කමිටුව පත් කළ බවත්, එහි නිර්දේශ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබා දීමට 2015 වසරේ මැයි මාසයේදීම පියවර ගත් බවත් සඳහන් කරයි.

එසේම, තව දුරටත් අදාළ ගනු-දෙනුව පිළිබඳ විනිවිද භාවයෙන් යුක්තව කරුණු විමර්ශනය කිරීම සඳහා මැතිවරණය අවසන්ව තිබූ පසුබිමක වුව ද තමාට වාසි දායක නියොජිතයන් පත්කරනු වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ තහවුරු කරමින්, කෝප් කමිටුවේ සභාපති ධුරයට විපක්ෂය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පත් කිරීමට ද අග්‍රාමාත්‍යවරයා පියවර ගත් ආකාරය ද ඇමැතිවරයා සිහිපත් කරයි.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය නීතිපතිවරයා වෙත ලබා දීමට කටයුතු කරමින් දූෂණයට එරෙහිව ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට එතුමන් ක්‍රියා කළ ආකාරය ද පෙන්වා දෙන අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ඉන්ද නොනැවතී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සහ ඊට සම්බන්ධ වූවන්ට එරෙහිව ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග සහ දඬුවම් පිළිබඳ නීතිපතිවරයාගෙන් කරුණු විමසීමට ද 2016 වසරේ දී පියවර ගත් බවත් සඳහන් කරයි.

මේ ක්‍රියාමාර්ග ද තව දුරටත් තහවුරු කරමින් ජනාධිපතිවරයා සමඟ එක්ව බැඳුම්කර කොමිසම පත් කිරීමට ක්‍රියා කළ අග්‍රාමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් කොමිසම ඉදිරියේ සාක්ෂි ලබා දීමට ද කටයුතු කළේ සෑමවිටම යුක්තිගරුක සහ නීතිගරුක දේශපාලනඥයකුගේ භූමිකාව තුළ සිටිමින් බව ද ඇමැතිවරයා අවධාරණය කරයි.

වර්තමානයේ ඇතැම් කණ්ඩායම්, බැඳුම්කර සිද්ධිය යොදා ගනිමින් අග්‍රාමාත්‍යවරයාට මඩ අවලාද නැ‍ඟීමේ අසාර්ථක උත්සහායක නිරතව සිටින බවත් පවසන ඇමැතිවරයා, එහෙත් අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නායකයාට එල්ල කරන චෝදනා ඔවුන්ටම පාරාවළල්ලක් වීම පමණක් බවත් පෙන්වා දෙයි.

එමෙන්ම, අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව නොමඟ යවමින් ඡන්ද දිනා ගැනීමට උත්සාහ කරමින් සිටින රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රමුඛ කණ්ඩායම තෙවන වරටත් පරාජයට පත් කරමින් පෙබරවාරි 10 වැනි දා රටේ ජනතාව ඊට පිළිතුරු සපයනු ඇති බව ද ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා වැඩි දුරටත් සඳහන් කරයි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();