ගීෂා මුණසිංහ
37 වැනි ජාතික ශූරතා ‘ස්කෝෂ්’ තරගාවලිය මේ මස 16,17,18 හා 19 වැනිදා කොළඹ සුගතදාස ගෘස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙයි.
කාන්තා විවෘත - පිරිමි විවෘත, වයස අවුරුදු 35 හා අතරමැදි විවෘත, 45ට වැඩි වෘත්තිකයන්, 50ට වැඩි ප්‍රවීණයන්, 55ට වැඩි ප්රවිණයන්, ආධුනික කාන්තා හා ආධුනික පිරිමි යන කාණ්ඩයන්ගෙන් සමන්විතව අතරගාවලිය පැවැත්වීමට නියමිතය.
විවෘත කාන්තා හා විවෘත පිරිමි තරග ඉසව් 2න් ජයගන්නා තරගකරුවන් දෙපළට ජාතික ස්කෝෂ් ශූරතාවයට අමතරව මුදලින් රුපියල් ලක්ෂය බැගින් ප්රදානය කිරීමට කටයුතු යොදා ඇති බව පසුගියදා කොළඹ කොල්ලුපියේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදි සඳහන් විය. 37 වැනි ජාතික ශූරතා ස්කෝෂ් තරගාවලියේ අවසන් දින සවස 4.00ට යුදහමුදාපති ලුතිනල් ජෙනරල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අවසන් කාන්තා හා පිරිමි විවෘත තරග දෙක පැවැත්වීමට නියමිතය. එදින ජාතික රූපවාහිනියේ අයි නාලිකාව ඔස්සේ මෙම තරග සජීවිව විකාශනය කිරීමට ද කටයුතු යොදා ඇතැයි ජාතික ස්කෝෂ් සංගමයේ ප්‍රධාන ලේකම් විශ්‍රාමික කොමාන්ඩර් ඩබ්ලිව්. එස්.පී. ජයවර්ධන මහතා අදහස් දක්වමින් කියා සිටියේය.
මෙවර ජේෂ්ඨ ජාතික ස්කෝෂ් තරගාවලිය සංවිධාන කිරීමට යුදහමුදාපතිවරයා සහ යුද හමුදා ස්කෝෂ් කමිටුව පූර්ණ අනුග්‍රාහය ලබාදීම පැසැසිය යුතු කරුණක් වන බවත්, ශ්‍රී ලංකා ස්කෝෂ් ක්‍රීඩාව ලෝක මට්ටමට රැගෙනයාමට ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුග්‍රහයත් හිමිව ඇති බවත් ශ්‍රී ලංකා ජාකික ස්කොෂ් සංගමයේ සභාපති විශ්‍රාමික එයාර් කොමඩොර් ඒ. අබේසේකර මහතා පැවැසීය.
මේ වන විට යුද හමුදාව සතුව විශිෂ්ට ඝනයේ ස්කෝෂ් ක්‍රීඩකයන් 25 දෙනකු පමණ සිටින බවත් ඔවුන්ගෙන් 5 දෙනෙකු ඉතාමක් ඉහළ ජාතික මට්ටමේ ක්‍රීඩකයන් වන බවත් යුධ හමුදා ස්කෝෂ් කමිටු සභාපති බ්‍රිගේඩියර් එච්.ජී.අයි. විද්‍යානන්ද මහතා මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් පවසා සිටියේය.
1990 සිට 92 තෙවතාවක් ද, 1994 සිට 96 දක්වා තෙවතාවක්ද, 98 වසරේදී ද, හා 2001 සිට 2004 වසර දක්වා සිව්වතාවක්ද ද , නැවතත් 2006 හා 2007 ඇතුළුව 13 තුන් වතාවක් සමන් තිලකරත්න ජාතික ස්කෝෂ් පිරිමි ශූරතාවට හිමිකම් කී අතර නවීන් සමරසිංහ 1999 - 2000, දෙවතාවක් 2005 හා 2008 සිට 2012 අඛන්ඩව පස්වතාවක් ඇතුළුව 8 වතාවක් ජාතික ශූරයා වී ඇත.
ගිහාන් ප්‍රනාන්දු 1986 සිට 1989 දක්වා සිව් වතාවක් හා 1993,1997 දෙවතාවක් ඇතුළුව 6 වතාවක් ද වත්මන් ජාතික ශූරයා වන රවිඳු ලක්සිරි 2013 සිට පසුගිය වසර දක්වා අඛණ්ඩය සිව්වතාවක් පිරිමි ජාතික ස්කෝෂ් ශූරතාව දිනාගැනීමට සමත්විය.
යස්මින් ෂාරුක් 1992 – 93 දෙවතාවක් , 1996 සිට 2000 දක්වා අඛණ්ඩව පස්වතාවක් ඇතුළු වසර 7ක් ද, නිලූෆා පිලිප්ස් අර්ශකුමාර 1984 සිට 1987 දක්වා අඛණ්ඩව සිව්වතාවක් හා 1989 හා 1990 දෙවතාවක් ඇතුලු හය වතාවක් ජාතික ස්කෝෂ් කාන්තා ශූරතාව දිනා ඇත.
පසුගිය වසරේදී මිහිලීයා මෙත්සරණී ජාතික කාන්තා ස්කෝෂ් ශූරතාව දිනා ගත් අතර ඇය විසින් 2012 සිට 2014 දක්වා තෙවතාවක් අඛණ්ඩව ජාතික ස්කෝෂ් ශූරිය වී ඇත.
මාධ්‍ය සාකච්ඡාව වෙනුවෙන් අධ්යක්ෂ, යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ඒ.ඩබ්ලිව්.එම්.පී. රොෂාන් සෙනවිරත්න, යුධ හමුදා ස්කෝෂ් කමිටු සභාපති බ්‍රිගේඩියර් එච්.ජී.අයි. විද්‍යානන්ද, යුධ හමුදා ක්‍රීඩා අධ්යක්ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්. ඒ.වී.ඒ. සුදසිංහ, ශ්‍රී ලංකා ජාකික ස්කොෂ් සංගමයේ සභාපති විශ්‍රාමික එයාර් කොමඩොර් ඒ. අබේසේකර, ජාතික ස්කෝෂ් සංගමයේ ප්‍රධාන ලේකම් විශ්‍රාමික කමාන්ඩර් ඩබ්ලිව්. එස්.පී. ජයවර්ධන හා යුධ හමුදා ස්කෝෂ් ක්‍රීඩක ලාන්ස් කෝප්රල් එච්.එම්.ඩබ්ලිව්.අයි. චතුරංග එක්ව සිටියහ.
0 Comments