Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කාසියේ වාසියත්, බුම්රාගේ නිපන්දුවත් තරගය වෙනස් කළා

 ඉන්දියාවට එරෙහිව ධර්මසාලා නුවර පෙරේදා පැවැති පළමු එක්දින තරගයේ ශ්‍රි ලංකා පිලේ ජයග්‍රහණයට සාධක දෙකක් බලපෑ බව ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු නික් පෝතස් පවසයි. තරගයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පෝතස් ඒ බව කියා සිටියේය.

‘මේ තරගයේ ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයට ප්‍රධාන සාධක දෙකක් බලපෑ බව මම තරයේම විශ්වාස කරනවා. එකක් තමා කාසියේ වාසිය දිනාගැනිමට ශ්‍රී ලංකා පිලට හැකිවීම. අනික උපුල් තරංගට බුම්රා යැවූ නිපන්දුව.‘ ඔහු කියා සිටියේය.

‘මේ සාධක 2ම තරගයට ලොකු බලපෑමක් ඇති කළා. ‘ පෝතස් කියා සිටියේය.

මේ වසරේදී ශ්‍රි ලංකා පිලේ එක්දින තරග බිමේ විශිෂ්ටතම පිතිකරු බවට පත්වෙමින් මේ වනවිට වසර ඇතුළත ලකුණු 900ට වඩා රැස් කර ඇති උපුල් තරංග මේ තරගයේදී ලකුණු 11ක් ලබා සිටියදී ජස්ප්‍රිට් බුම්රාගේ පන්දුවකට ගලී කලාපයේ පන්දු රකිමින් සිටි දිනේෂ් කාර්තික් වෙතට උඩපන්දුවක් ලබාදුන් අතර කාර්තික් එය සුරැකිව අල්ලා ගත්තේය. එහෙත් බුම්රා යැවූ එම පන්දුව ඔහුගේ සීමා ඉරට එපිටින් පාදය තබා යවනු ලැබූ බවට රූපවාහිනි දර්ශන මගින් පැහැදිලි විය. අනතුරුව තරංග ලකුණු 49ක් රැස් කරමින් ශ්‍රි ලංකා පිලේ ජයග්‍රහණයට විශාල දායකත්වයක් ලබා දීමට සමත්විය.

ඉන්දීය ඉනිම සුණුවිසුණු කළ සුරංග ලක්මාල්ගේ පන්දු යැවීම පිළිබඳවත් ශ්‍රි ලංකා පිලේ පුහුණුකරු සිය ප්‍රසාදය පළ කළේය.

මේ පරාජයෙන් අපේ ඇස් ඇරුණා - ඉන්දීය පිලේ නායක රෝහිත් ෂර්මා

පිතිකරුවන්ගේ දුර්වලතා හේතුවෙන් තරගය පරාජයට පත්වූ බව ඉන්දීය පිලේ නායක රෝහිත් ෂර්මා තරගයෙන් පසුව කියා සිටියේය. පන්දු යවන්නන්ට දොස් පැවරිය නොහැකි බවත්, ඔවුන්ට ආරක්ෂා කිරීමට තරම් ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට පිතිකරුවන් අසමත්වූ බවත් ඉන්දීය පිලේ නායකයා පැවැසීය.

‘අපිට ලකුණු 180ක් හෝ 190ක් රැස් කිරීමට හැකිවී තිබුණා නම් තරගය වෙනස් වෙන්න තිබුණා. මේ පරාජයෙන් අපේ දෑස් විවර වුණා. ඒ වගේම අපි පාඩමක් ඉගෙන ගත්තා.‘ ඔහු කීවේය.

‘ශ්‍රි ලංකා පිලේ පන්දු යවන්නන්ට ගෞරවය හිමිවිය යුතුයි. ඔවුන් තත්ත්වය වෙනස් කළා. මේ පරාජයෙන් පාඩමක් ඉගෙන ගෙන ඉතිරි තරගවලදි ක්‍රීඩකයන් නැවත නැගී සිටිනු ඇතැයි මා විශ්වාස කරනවා.‘ ෂර්මා පැවැසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();