Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කැමරාව ඉස්සරහ ඇඳුමක් ගලවන එක මට අව්ලක් නෑ – දසුන් පතිරණ

• දසුන් සම්මාන උළෙලකට සහභාගි වෙන්නේ සම්මානනීය බලාපොරොත්තු එක්කද?

සම්මාන බලාපොරොත්තුවෙන් මම රඟපාලා නැහැ. සම්මාන බලාපොරොත්තුවෙන් වැඩ කළා නම් මෙච්චර කාලයක් වැඩ කරන්න වෙන්නේ නැහැ. අපි කරපු වැඩේ ඇගයීමකට ලක් වෙන්න නිර්දේශ වෙලා තියෙනවා නම් මම ඒ සම්මාන උළෙලට යනවා. අපිට ලැබෙනවද, වෙන කාටහරි සම්මානය ලැබෙනවද කියන එක මට අදාළ නැහැ.

• සයපෙති කුසුම චිත්‍රපටයේ රඟපාද්දි ඒ චරිතය වෙනුවෙන් සම්මානනීය බලාපොරොත්තුවක් ආවෙම නැද්ද?

ස්ක්‍රිප්ට් එක ලැබෙද්දිම මට හිතුණා මේක තමයි වැඩේ කියලා. සම්මාන කෙසේ වෙතත් ප්‍රේක්‍ෂකයාගේ හිතේ රැඳෙන සම්මානය ලැබෙනවා කියලා මට හිතුණා. ඒ තිරපිටපත ඒ තරම් ශක්ති සම්පන්නයි. සයපෙති කුසුම ගැන මම ඉතාම සතුටුයි. මගේ විදිහට මට බය නැතුව කියන්න පුළුවන් වැඩක් ඒක. සමලිංගික චරිත කොන් කරලා දාන සමාජයක ඒ මනුස්සයාගේ තැන ලබාදෙන්න ඒ චිත්‍රපටය තුළ කතා කරනවා.

• ඒ වගේ චරිත නිරූපණයක් කරද්දී සමාජයෙන් එල්ල වන විවේචනවලට මුහුණ දෙන්න සිදුවෙයි කියලා හිතුවේ නැද්ද?

මට ගොඩක් අය කිව්වා මේ චරිතය කරන්න එපා කියලා. මම හිතන විදිහට නළුවෙක් චරිතවලට පෙරේත වෙන්න ඕන. මම කරන චරිතය සුදුද, කළුද කියන එක මට අදාළ නැහැ. මම මේ පිටපත පැනලා භාර ගත්තා. පිට අය මේකට බය වෙන්න පුළුවන්. හැබැයි සයපෙති කුසුම කියන්නේ ආදර කතාවක්. ඒක ඇතුළේ තමයි මේ කතාබහ අචරගෙන යන්නේ. මෝටර් බයිසිකල් වුණත් ආදර කතාවක්. නමුත් කතා කරන විෂයයන් දෙක වෙනස්.

• සමාජය එපා කියන දේවල් කරන්න දසුන් මැළි වෙන්නේ නෑ වගේ?

පොඩි කාලේ ඉඳන් මම එහෙමයි. පාසල් කාලේ මිස්ලා මට කරන්න එපා කියපු දේවල් තමයි මම කළේ. එපා කිව්වොත් මම ඒ දේ කරනවා.

• දසුන් ඒ තරම් දඩබ්බරයෙක්ද?

ඔව්. මම ඒ තරම්ම දඩබ්බරයි.

• කට ඇරලා කියන්න පුළුවන් දේවල් කළේ හොඳම තත්ත්වයට එන්නද?

මම කරපු හැම වැඩක්ම ඒ කියන්නේ චිත්‍රපට ගත්තත්, ටෙලි නාට්‍ය ගත්තත් බය නැතුව කට ඇරලා කියන්න පුළුවන් දේවල් මම කළේ. මම ජනප්‍රිය කියන කෑල්ලට කවදාවත් ආස වුණේ නැහැ. මට ඕන වෙලා තිබ්බේ හොඳම නළුවා වෙන්න. අඩෝ උඹ මාරයිනේ, උඹ මාර නළුවෙක්නේ. කියද්දී තමයි මම ආස. එතකොට තමයි මගේ ඇහැට කඳුළක් එන්නේ.

• දසුන් රංගනයට එද්දී හඹා යන්න හීන දැක්ක රංගන ප්‍රතිරූපයක් තිබ්බද?

එහෙම නළුවෝ හිටියා. ඔවුන් නිසා මට රංගනයට ආසව ඇති වුණා. මම ෆිල්ම් පිස්සෙක්. මම පොඩි කාලේ කළේ තුන්වේලම ෆිල්ම් බලපු එක. මහේන්ද්‍ර පෙරේරා ගාවට ගියාම මට තේරුණා නළුවෙක්ට ඕන රඟපෑමේ හැකියාව කියලා. කොච්චර උස, මහත තිබ්බත් වැඩක් නෑ. රඟපාන්න පුළුවන් වෙන්න ඕන කියන දේ මට දැනුණා.

• දසුන්ට කියන්නෙත් පොඩි දස්සා කියලා. ඔය උස නිසා, පෙනුම නිසා අහිමි වුණ දේවල් නැද්ද?

නැහැ. සමහර අයට ස්ක්‍රීන් පර්සනලිටි එක නැහැ. මට ස්ක්‍රීන් පර්සනලිටි එක තියෙනවා. ගොඩක් අය මාව ඇත්තට දැක්කම අහනවා “ආනේ… ඔයා ඔච්චරටම පොඩිද” කියලා. තිරයේදී තමයි මගේ නළුකම තියෙන්නේ. මගේ පෙනුම තිරයට ප්‍රශ්නයක් වෙලා නැහැ.

• චරිතයක් කරද්දී ලොකු අධ්‍යයනයක යෙදෙනවාද?

මම වැඩක් භාර ගනිද්දී එකයි භාර ගන්නේ. ස්ක්‍රිප්ට් එක බලලා

අධ්‍යක්‍ෂකවරයා එක්ක මම කතා කරනවා. අධ්‍යක්‍ෂකවරයාට අවශ්‍ය දේ තමයි මම කරන්නේ.

• නිර්මාණයක් වෙනුවෙන් නිරුවත් වෙන්න වුණොත්?

මට ලැජ්ජ බය නැහැ. කැමරාව ඉස්සරහ ඇඳුමක් ගලවන්න අවුලක් නෑ. ඇඟ කියන එක සෙක්ස් කියන එක මගේ විදිහට සාමාන්‍ය දෙයක්. අපේ මිනිස්සු හංගාගෙන හිටියට ඒක ලස්සන සුන්දර දෙයක්. නිර්මාණයට ඒ වගේ දෙයක් අවශ්‍ය නම් කරන එක ප්‍රශ්නයක් නෑ. සංජීව පුෂ්පකුමාරගේ අලුත් චිත්‍රපටයේ ඒ වගේ දෙයක් මම කළා.

• පුංචි තිරයේදී වැඩ කරන්නේ තෝරා ගැනීම් එක්කද?

මෙගා නාට්‍ය මම කරන්නේ නෑ. මම මේ වෙනකොට ලස්සන වැඩ ටිකක් කරලා තියෙනවා. වැඩක් කරලා ඉවර කරන සතුට මට තියෙනවා. මෙගා නාට්‍යයක් කරද්දී හැමදාම එක වගේ. එකම විදිහට ඉන්න වෙනවා. නළුවෙක්ට වෙන්න තියෙන කාලකණ්ණිම දේ තමයි ඒක. මම එක චරිතයක් කරලා ගෙදර එද්දී ඒ චරිතය ඉවරයි කියලා සැනසීමක් තියෙනවා. ඊට පස්සේ මම කරන්නේ ඊළඟ වැඩේට ලෑස්ති වෙන එක.

• දස්සා මියුසික් වීඩියෝ අතහැරියේ තත්ත්වය ගැන හිතලද?

මම මියුසික් වීඩියෝ කරන එක නවත්වලා ගොඩක් කල්. “මං පතනවා” කියන මියුසික් වීඩියෝවට පස්සේ මම ඒවායේ රඟපාන එක නැවැත්තුවා. මියුසික් වීඩියෝ ගොඩක් කළේ ජීවත් වෙන්න. මම රඟපාලා ජීවත් වෙන්නේ. නමුත් කාලයක් ගියාම මට තේරුණා මම කරන මියුසික් වීඩියෝ ඔක්කෝම එක වගේ. අඬනවා, එකම වචන ටිකක්, එකම කතාවක් යනවා. ඒ නිසා මටම මාව එපා වුණා. දැන් තියෙන්නේ පච වැඩ.

• ජීවත් වෙන්න සල්ලි ඕන කියලා රඟපෑව දසුන්ට දැන් ජීවත් වෙන්න යහමින් සල්ලි තියෙන ස්ථාවරයක් හැදිලද?

මම ඉන්නේ නළු පිස්සුවේ. මගේ ගිණුම බර වෙන්නේ වැඩත් එක්ක. සල්ලි හම්බ වෙනවා. නැති වෙනවා. මට හෙට කන්න නැති වුණත් මට අවුලක් නැහැ. මම ජීවත් වෙනවා.

• දසුන් තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා පහුගිය කාලේ මාධ්‍යවල පළ වුණා. ඇත්තද මේ කතාව?

මට කොහොමත් ළමයෙක් හදන ආසාව තිබ්බා. ඉස්සරහට මම ඒක ගාණට කියන්නම් තාම හරියට ඒක කියා ගන්න බෑ. ෂුවර් වුණාම හැමදේම කියන්නම්.

• දස්සාට තරුණියන්ගෙන් ආකර්ෂණය වැඩියි කියන්නේ ඇත්තද?

තරුණියන්ගේ ආකර්ෂණය ඒ කාලේ ඉඳන් තිබ්බා. දැන් ඒක වැඩි වෙලා.

The post කැමරාව ඉස්සරහ ඇඳුමක් ගලවන එක මට අව්ලක් නෑ – දසුන් පතිරණ appeared first on Gossip King.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();