Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනාධිපතිගේ කතාවෙන් කැබිනට් මණ්ඩලයම සිනාසෙයි

පසුගියදා රැස්වුණු කැබිනට් එකේදී මුලින්ම කතාබහට ගත්තේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම පිළිබඳ කැබිනට් පත්‍රිකාවය. එය කලක සිට ආන්දෝලනාත්මක පුවත් මැවූ පත්‍රිකාවක් විය.

‘පසුගිය ජනාධිපතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය අපි ජයග්‍රහණය කළා. එහිදී අපේ මැතිවරණ පොරොන්දුවක් තමයි මහනුවර දක්වා අධිවේගී මාර්ගයක් ඉදිකිරීම. එම පොරොන්දුව ඉටු කළ යුතුයි.’
කිරිඇල්ල කීවේය. අධිවේගී මාර්ගය ගැන කිරිඇල්ලට බොහෝ දෙනා ඇඟිලි දික් කළේ කලක සිටය.

‘හිතූ මනාපෙට මේවා කරන්න බෑ. මේකට චෝදනා තියෙනවා.’
දයාසිරි කැබිනට් රැස්වීම ‘රත්’ කළේ එහෙම කියමින්ය.
‘මොනවද චෝදනා, ඕවා අමූලික බොරු, සමහරු මේක කරනවට ඊර්ෂ්‍යයි.’ කිරිඇල්ල කීවේ උපැස් යුගල අතට ගනිමින්ය. අනතුරුව නැවත උපැස් යුගල ලා ගත් කිරිඇල්ල මෙම අධිවේගී මාර්ගයේ ටෙන්ඩර් ක්‍රමය හා ජපාන රජය මැදිහත් වූ ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කරන්නට විය. අමාත්‍ය රවුෆ් හකීම් කතා කළේ කිරිඇල්ලගේ පැත්තටය.
‘මේ අධිවේගී මාර්ගය අනිවාර්යයෙන්ම ඉදිකළ යුතුයි. නැතිනම් අපිට ගම්වලට යන්න බැහැ.’ හකීම් කීය.
කොළඹ නගරයේ වාහන තදබදය වැඩියි. මේ අධිවේගී මාර්ගයට යන මුදල් කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීමට යොදවන එකයි පලදායක දයාසිරි කීවේය. ඒ ඇසූ කිරිඇල්ලට කේන්ති ගියේය.
‘පසුගිය ජනාධිපතිවරණයේදී කුරුණෑගලින් අපි දිනුවේ නැහැනේ. ඒ නිසා ඔයාට නම් ප්‍රශ්නයක් නැහැ.’ කිරිඇල්ල කීවේය.

මහින්ද අමරවීර ගත්තේත් දයාසිරිගේ පැත්තය.
‘මේ මාර්ගය පිළිබඳව මාධ්‍යවල විවිධ විවේචන එල්ල වෙනවා. ඒ නිසා මේ මුදල් වෙනත් ව්‍යාපෘතියකට යොමු කරන එක හොඳයි.’ අමරවීර කීය.
කිරිඇල්ලගේ කෝපය දෙගුණ තෙගුණ විය.
‘පසුගිය ජනාධිපතිවරණයේදී අපි හම්බන්තොටත් පරාදයි. නමුත් මහනුවර දිස්ත්‍රික්කය දිනුම්. එම නිසා එම ජනතාවට සහන සැලසිය යුතුයි. කිරිඇල්ල කීවේය.

‘අපේ රටේ ඕනෑම හොඳ දෙයක් කරන්න යනකොට විරෝධතා පවත්වනවා. විවිධ හේතු ඉදිරිපත් කරනවා. සංවර්ධනය කඩාකප්පල් කරනවා. වත්මන් කාලය තුළ ආරම්භ කළ සංවර්ධන වැඩසටහන් ඉදිරියට ගෙන යා යුතුයි. එම නිසා මෙම ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කළ යුතුයි’ කීවේ ඇමැති රාජිතය.
අමාත්‍ය සජිත් ප්‍රේමදාසද කතා කළේ කිරිඇල්ලගේ පැත්තටය.

‘මහින්ද රාජපක්ෂ මහතා හොරා කන ගමන් ජනතාවට පේන්න සංවර්ධන ව්‍යාපෘති දියත් කළා. ඒවා ජනතාව දැක්කා. දැන් මිනිස්සු කියන්නේ එම සංවර්ධන ව්‍යාපෘති අපි නතර කරලා කියලා. එම චෝදනාවට වඩා අපි ඇහැට පෙනෙන සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කළ යුතුයි. එම නිසා සංවර්ධන ව්‍යාපෘති කඩාකප්පල් කරන්න එපා යැයි පැවැසීය.’ ඉන් පසු ජනාධිපතිවරයා විමසා සිටියේ මෙම මාර්ගය ආර්ථික කමිටුවෙන් සම්මත වූයේද යන්නයි. ඊට ආර්ථික කමිටුවෙන් අනුමැතිය හිමි වූ බව මලික් කීය. අවසානයේ ජනාධිපතිවයා ප්‍රකාශ කළේ මධ්‍යම අධිවේගී මාර්ග ඉදිකිරීම පිළිබඳව සියලු වාර්තා යළි සාකච්ඡා කරන බවත්, එතෙක් මෙම ව්‍යාපෘතිය අනුමත බවත්ය.
සාකච්ඡාව වෙනඅතකට හැරුණේ අංගොඩ ඉදිකරන මහල් නිවාස සංකීර්ණය ගැන කතාබහේදීය. ජනාධිපතිවරයා අපූරු කතාවක් කීවේය.
“ඒක ඉක්මනින් හැදුවොත් හොඳයි”

සියලු දෙනාම කුතුහලයෙන් ජනාධිපතිවරයා දෙස බැලූහ.
“නෑ එතකොට කැබිනට් රැස්වීම එහේ තියන්න පුළුවන්”
ජනාධිපතිගේ කතාවෙන් කැබිනට් මණ්ඩලයම සිනාසුණහ.

The post ජනාධිපතිගේ කතාවෙන් කැබිනට් මණ්ඩලයම සිනාසෙයි appeared first on Gossip King.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();