Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අංගොඩ ලොක්කාගේ ළග ම ඥාතියෙකුගේ DNA සාම්පල ඉන්දියාවෙන් ඉල්ලයි!

ඉන්දියාවේදී මිය ගිය බව පැවසෙන මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘අංගොඩ ලොක්කා’ හෙවත් මද්දුම ලසන්ත චන්දන පෙරේරා නැමැත්තාගේ මරණය සනාථ කර ගැනීම සඳහා ඔහුගේ ළග ම ඥාතියෙකුගේ ඩී.එන්.ඒ. සාම්පල ලබා දෙන ලෙස ඉන්දීය ජාතික විමර්ශන ඒකකය, අන්තර්ජාතික පොලිසියේ මෙරට ශාඛාවෙන් ඉල්ලීමක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කළුතරදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව අංගොඩ ලොක්කා නැමැත්තා ඉන්දියාවට පළාගොස් තිබු අතර පසුගිය වසරේ අගොස්තු මාසයේදී ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේදී මියගිය බවට වාර්තා වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මොහුගේ මරණය සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් සනාථ කර ඇති බවත් අංගොඩ ලොක්කා නැමැත්තා ඉන්දියාවේදී ව්‍යාජ හැදුනුම්පතක් ලබා ගෙන ‘ප්‍රදීප් සිං’ නැමත්තෙකු ලෙස පෙනී සිට ඇති බව ද අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවත් අධිකරණ නියෝග ගබා ගැනීමෙන් පසුව අදාළ ඉදිරි පියවර ගැනීම නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/36Mo7vs
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();