මෙම වසරේ සිට සහල් සහ බඩ ඉරිඟු මුළු අවශ්‍යතාවය දේශීයව සපුරාගැනීමට ශ්‍රි ලංකාවට හැකිබව වාර්තා වේ.
ඒ එම ධාන්‍ය ඉල්ලුමෙහි හිඟය මෙරට තුළම නිෂ්පාදනය කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු වැඩපිළිවෙළෙහි ප්‍රතිඵලයක් ලෙසය.
සහල් සහ බඩ ඉරිඟු මෙරට විශාල වශයෙන් පරිභෝජනය වන ධාන්‍ය වන අතර හෝටල් සැපයුම්වල අවශ්‍යතාව සඳහා සහල් ආනයනයත්, ත්‍රීපෝෂ හා සත්ව ආහාර සඳහා බඩ ඉරිඟු ආනයනයත් සිදුකෙරේ.
එම අතිරික්ත අවශ්‍යතාව වෙනුවෙන් සහල් ආනයනයට 2019 වසරේදී රුපියල් මිලියන 2,300ක් වැය වී තිබූ අතර බඩ ඉරිඟු ආනයනය සඳහා වාර්ෂිකව වැය වී තිබූ මුදල රුපියල් මිලියන 4,000කි.
එහෙත් එම විදේශ විනිමය ඉතිරි කරගැනීමේ අරමුණින් දේශීය සහල් සහ බඩ ඉරිඟු නිෂ්පාදනය ඉහළ නැංවීමට රජය නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මකකර තිබුණි.
ඒ අනුව මෙවර මාස් කන්නයේදී මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාවයෙන් 70%ක් දේශීයව සපුරා ගැනීමට හැකි වී ඇති අතර බඩඉරිඟු අවශ්‍යතාවයෙන් 80 % ක් දේශීයව සපුරා ගැනීමට හැකි වී තිබේ.
එළැඹෙන යල කන්නයේදී වීවලින් ඉතිරි සියයට 30ත් බඩඉරිඟුවලින් ඉතිරි 20% ත් සපුරා ගැණුනු පසු මෙරට සහල් සහ බඩඉරිඟු සම්පූර්ණ අවශ්‍යතාව දේශීයව පමණක් සපයාගැනීමට ඉතිහාසයේ පළමුවරට හැකි වනු ඇත.
මේ අනුව බඩඉරිඟු සහ සහල් ආනයනය සඳහා වැය වූ අතිවිශාල විදේශ විනිමයක් ඉතිරි කරගැනීමට මෙම වසරේදී ශ්‍රී ලංකාවට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ.
from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/36EGhPF
tribune

0 Comments