Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාරට කුණු දැමූ පුද්ගලයෙකුගෙන් අල්ලස් ගත් සෞඛ්‍ය පරිපාලක අත්අඩංගුවට!

අල්ලස් චෝදනාවකට අදාළව කෝට්ටේ මහ නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වැඩබලන සෞඛ්‍ය පරිපාලකවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

නාවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂිකා, කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවා ය.

මාර්ගයට කුණු කසල බැහැර කිරීමේ වරදකට නීතිමය පියවර නෙගෙන සිටීම සඳහා සැකකාර සෞඛ්‍ය පරිපාලකවරයා, පැමිණිලිකරුගෙන් රුපියල් 10,000ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති අතර එම මුදල ලබා ගැනීමේදී දෙල්කඳ හන්දියේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/36Mj3Hc
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();