Ticker

6/recent/ticker-posts

Header Ads Widget

”අරක්කු සිගරට් බොන අයට එන්නත විදලා වැඩක් නැහැ”

මත්පැන් හා දුම්වැටි භාවිතය මගින් සිරුරේ ප්‍රතිශක්තිය අඩු කරන බැවින් එවැනි ඇබ්බැහියකට ලක්වී සිටින පුද්ගලයෙකුට කොවිඩ්-19 එන්නත ලබාදීමෙන් ඵලක් නොවන බව, දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආචාර්ය සමාධි රාජපක්‍ෂ අවධාරණය කරයි.

මත්පැන් භාවිත කරන අයෙකුගේ අක්මාව සිරුරේ ප්‍රතිශක්තිය ඇති කිරීමේ ක්‍රියාවලියේදී අඩු දායකත්වයක් ලබාදෙන බව ද සභාපතිවරයා සඳහන් කරයි.

මත්පැන් හා දුම්වැටි භාවිතයට ඇබ්බැහි වූ අයෙකුට එන්නත ලබානොදී මත්පැන්, දුම්වැටි භාවිත නොකරන පුද්ගලයන්ට එන්නත ලබාදීම අතිශය සාධාරණ බව ද ආචාර්ය සමාධි රාජපක්‍ෂ පෙන්වා දෙයි.

මත්පැන් හා දුම්වැටි භාවිත කරන්නෙකු අදාළ එන්නත ලබාගන්නේ නම්, එන්නත ලබාගත් දින සිට අවම වශයෙන් මාස හයක්වත් ඒවා පාවිච්චි කිරීමෙන් වැළකී සිටීම අත්‍යවශ්‍ය බව ද හෙතෙම සඳහන් කරයි.



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/2YMLW1S
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();