Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රටින් පැන්න අපරාධකරුවන් 129කට රතු වරෙන්තු!

ඉන්දියාවේදී පසුගිය දා අත්අඩංගුවට පත්වූ මෙරට අපරාධ රැසකට සම්බන්ධ ‘කිඹුලා ඇළේ ගුණා’ නැමත්තා දිවයිනට ගෙන්වා ගැනීමට ජාත්‍යන්තර පොලිසිය සමග සහ රාජතාන්ත්‍රික මට්ටමින් කටයුතු කරමින් සිටින බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මේ වන විට මෙරට විවිධ අපරාධ සිදුකර විදෙස් රටවලට පළාගොස් සිටින පුද්ගලයින් 129 දෙනෙකුට එරෙහිව අන්තර්ජාතික පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර ඇති බව ය.

එමෙන් ම, වෙනත් අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යකර සිටින සැකකරුවන් 87 දෙනෙකු සඳහා අන්තර්ජාතික පොලිසිය මගින් නිල් නිවේදන නිකුත් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අන්තර් ජාතික පොලිසිය මගින් රතු වරෙන්තු නිකුත් කර ඇති පුද්ගලයින් 129 දෙනා අතරින් 40 දෙනෙකු මෙරට සිදුවූ මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යව සිටින පුද්ගලයින්  වන බවත් තවත් 24 දෙනෙකු මෙරට සිදුවු වෙනත් අපරාධ සඳහා සම්බන්ධයෙන් අවශ්‍යව සිටින පුද්ගලයින් බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.

අන්තර් ජාතික පොලිසිය මගින් මෙලෙස වරෙන්තු ලැබ සිටින පුද්ගලයින් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් කඩිනම් පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/36HJmOO
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();