Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රටේ මානව හිමිකම් උල්ලංඝනය කළාම අධිරාජ්‍යවාදීන්ට අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් වෙන්න ඉඩ ලැබෙනවා.

අපේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම බලයේ සිටින ආණ්ඩුවක ප්‍රධාන වගකීමක්. අද වෙනකොටත් මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවේ ඉන්නවා. වෙබ් මාධ්‍යවේදීන්, ආණ්ඩුවට එරෙහිව ප්‍රචාරය කරපු වරදට. කෙටිකතාවක් ලියපු ගත් කතුවරයෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අවුරුදු එක හමාරකට අධික කාලයක් අත්අඩංගුවේ තියාගෙන හිටියා. මහර බන්ධනාගාරයේ කොරෝනා හැදුණු රෝගීන් 11දෙනෙකුට වෙඩි තියලා මරලා දැම්මා. දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමක් කියන බෝඩ් එකට මුවාවෙලා දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කරන මෙහෙයුමක් දැන් ක්‍රියාත්මක වෙනවා. මේ විවිධ ආකාරයෙන් බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුවෙනවා.

 

මේ නිසා සිද්ධ වෙන්නේ ජිනීවා මානව හිමිකම් කොමිසමට අපේ රටට ඇඟිලි ගහන්න පාර කැපීමක්. පහුගිය ආණ්ඩුව කාලයේත් වර්තමානයේත් පහුගිය කාලයේමත් බලය හොබවන ආණ්ඩුව විසින් අපේ රටේ මානව හිමිකම් උල්ලංඝනය කළාම අධිරාජ්‍යවාදීන්ට අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් වෙන්න ඉඩ ලැබෙනවා. අද සිද්ධ වෙන්නෙත් ඒක. ලොකුම විහිළුව වෙන්නේ මානව හිමිකම් මැදිහත් වෙන්න ජනාධිපතිවරයා පත්කළ කමිටුව. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු නවාස් මහත්මාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවේ එක් සාමාජිකයෙක් හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහත්මයා. ඔහු දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේත් සාමාජිකයෙක්. 2006 මාර්තු මාසයේදීත් ඔහුට විරුද්ධව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය පිළිබඳ නඩු විභාගයක් අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙකු කළ පුද්ගලයෙක්. මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ වරදට ඔහුගේ පෞද්ගලික වැටුපෙන් රුපියල් ලක්ෂයක මුදලක් වන්දි ගෙවන්න නියම කළා. ජිනීවා මානව හිමිකම් කවුන්සලයට වාර්තාවක් සපයන්න එවැනි පුද්ගලයෝත් පත්කර තිබෙනවා. මේවායෙන් වෙන්නේ අපේ රට පිළිබඳ තව තවත් ඔවුන්ට ඇඟිලි ගහන්න ඉඩ හැදීමක්. කමිටුවලට මෙවැනි පුද්ගලයන් පත්කිරීම රටක් හැටියට තව තවත් හෑල්ලුවට ලක්වෙනවා.

 

ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්.

The post රටේ මානව හිමිකම් උල්ලංඝනය කළාම අධිරාජ්‍යවාදීන්ට අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් වෙන්න ඉඩ ලැබෙනවා. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();