Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වෙඩි තැබූ නවාස් ඉන්දියාවේ දී අත්අඩංගුවට

පිළියන්දල දී 2017 වසරේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු වන මොහොමඩ් නවාස් නැමැත්තා ඉන්දීයාවේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 
 
මොහොමඩ් මාහීර් මොහොමඩ් නවාස් නැමැත්තා මත්‍ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව ඉන්දියාවේ ජාත්‍යන්තර පොලීස් ශාඛාව විසින් ශ්‍රී ලංකාවට නිල වශයෙන් දැනුම් දී ඇත.
 
ඒ අනුව අදාළ සැකකරු මධුරේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ භාරයේ රඳවා තබා ගෙන සිටියි.
 
2017 මැයි 09 වනදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පිළියන්දල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් වෙඩි තැබීමක් සිදුකර තිබුණි. 
 
එහිදී පොලිස් කොස්තාපල්වරයෙක් තුවාල ලබා පොලිස් පරීක්ෂක රංගජීව ඇතුළු තවත් නිලධාරියෙක් තුවාල ලැබීය. එසේම එම සිද්ධියෙන් දරුවන් තිදෙදෙනකු තුවාල ලැබු අතර පසුව රෝහල්ගත කර සිටිය දී 11 හැවිරිදි එක් දරුවෙක් ජීවිතක්ෂයට පත්විය. 
 
එම සිදුවීමේ දී පොලිස් ඔත්තුකරුවෙකු ලෙස පෙනී සිටිමින් එම අපරාධය සිදුකළ පුද්ගලයෙකු ලෙස මොහොමඩ් මාහීර් මොහොමඩ් නවාස් නැමැත්තා හඳුනාගනු ලැබීය.
 
එම අපරාධය සිදුකිරීමෙන් අනතුරුව නවාස් නැමැත්තා ඉන්දියාවට පළාගොස් තිබු බවට තොරතුරු වාර්තා විය. 
 
ඉදිරියේ දී මෙම සැකකරු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා උදර්පණ නීතිය යටතේ කටයුතු සුදානම් කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();