යුරෝපයේ වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන ප්‍රංශ ජාතික ඇන්ඩ්‍රේ කන්‍යා සොයුරිය, කොවිඩ් - 19 රෝගයෙන් දිවි ගලවාගෙන තිබේ.
අන්ධභාවයෙන් පෙළෙන ඇය, රෝද පුටුවක ආධාරයෙන් කල් ගත කරනු ලැබේ.
එසේම ඇය අද(11) දිනයේ දී සිය 117වැනි උපන්දිනය සමරනු ඇත.
මෙම කන්‍යා සොයුරියට කොවිඩ් වෛරසය පසුගිය මාසයේදී ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබුනි. ඇය රැදී සිටි ශාන්ත-කැතරින් සාත්තු නිවසේ සිටි 88 දෙනාගෙන් 81 දෙනෙකුහට වෛරසය වැළඳී ඇති අතර ඉන් 10 දෙනෙක් මිය ගියහ.
ඇන්ඩ්‍රේ කන්‍යා සොයුරිය මාධ්‍ය වෙත පවසා ඇත්තේ තමන්ට වෛරසය වැළදී ඇති බව තමන් දැනගෙන සිටියේ නැති බවයි. එසේම සාත්තු නිවාසයේ ප්‍රකාශකයෙකු වන ඩේවිඩ් ටවෙලා පුවත්පතට පවසා ඇත්තේ කන්‍යා සොහොයුරිය වෛරසයට බිය නොවන බවයි.

0 Comments