Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බදුල්ල මහ නගර සභාව විශේෂ කොමසාරිස් කෙනෙක් යටතට

බදුල්ල මහ නගර සභාවේ කටයුතු අද (10) දිනයේ සිට ක්‍රියාත්මක වන ලෙස තාවකාලිකව අත්හිටුවා නිවේදනයක් නිකුත් කර ඇත.
 
 ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර මෙමගින් සභාවේ බල තල ක්‍රියාත්මක කිරීමට සහ එහි කටයුතු කිරීමට විශේෂ කොමසාරිස් වරයෙක් පත් කර ඇත
 
මෙලෙස කොමසාරිස්වරයෙකු ලෙස පත් කර ඇත්තේ පරිපාලන සේවා නිළධාරියෙකු වන ජීවන්ත හේරත් ය.
 
එමෙන්ම බදුල්ල මහ නගර සභාවේ කටයුතු පිළිබඳව අද සිට මාස 03 ක කාල සීමාවක් ඇතුළත පරීක්ෂා කොට වාර්තා කිරීම සඳහා විශ්‍රාමලත් අධිකරණ විනිසුරුවරයෙකු වන එච්.එම්.ආර්.අනුර කුමාර පත් කර ඇත
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();