පදනම් විරහිත අසත්‍ය තොරතුරු ගෙනෙමින් තම ජීවිතයට තර්ජන එල්ල වන පරිදි ප්‍රකාශ නිකුත් කළැයි බුද්ධි සේවයේ ප්‍රධානි මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විසින් “ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියේ” විධායක අධ්‍යක්ෂිකා යස්මින් සුකාට එරෙහිව පසුගිය 08 වැනි දින කොළඹ දිසා අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබේ.
මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතාගේ ජීවිතයට තර්ජනයක් එල්ල වන පරිදි පදනම් විරහිත අසත්‍ය තොරතුරු මත පිහිටා ප්‍රකාශ නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිඥ ලක්ෂිකා බක්මීවැව මහත්මිය විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ මෙම නඩුව ගොනුකර ඇත.
2020 ජුනි 01 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී යස්මින් සුකා මහත්මිය සත්‍ය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතියෙහි විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් මේජර් ජෙනරාල් සලේට එරෙහිව විවිධ අපහාසාත්මක ප්‍රකාශ කිරීම් ඇතුළත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති බවත් මෙම මාධ්‍ය ප්‍රකාශය, සත්‍ය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතියේ ශ්‍රී ලංකාවේ වෙබ් අඩවිය හරහා ප්‍රකාශයට පත් කරන බව පවසා තිබිණි.
සත්‍ය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කරන ලද සුකා මහත්මියගේ අපහාසාත්මක ප්‍රකාශ මේජර් ජෙනරාලවරයාගේ චරිතයට හා කීර්තියට සැලකිය යුතු හානියක් සිදු කර ඇති බවත් මෙලෙස නිග්‍රහ කිරීම තුළින් මේජර් ජෙනරාල් සලේගේ ජීවිතයට තර්ජනයක් සිදු කළ හැකි විවිධ අභිමතාර්ථයන් සහිත පාර්ශ්වයන් සඳහා සහායක් වී ඇති බවත් සඳහන් කරමින් පසුගිය ජුනි මස 15 වැනි දින මේජර් ජෙනරාල්වරයා විසින් මේ සඳහා ශ්‍රී ලංකා රුපියල් බිලියනයක වන්දි මුදලක් සුකා මහත්මිය සහ සත්‍ය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය මඟින් ගෙවන ලෙස ඉල්ලා සිටිමින් එන්තරවාසි දෙකක් යොමු කර තිබිණි.
යස්මින් සුකා මහත්මිය සහ සත්‍ය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය වෙත මෙලෙස එන්තරවාසි දෙකක් මීට පෙර මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විසින් යොමු කර තිබිණි.
එම එන්තරවාසි සඳහා කිසිදු ප්‍රතිචාරයක් මේ වන තෙක් නොලැබීම හේතුවෙන් මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂිකා යස්මින් සුකා මහත්මියට එරෙහිව රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා පසුගිය දින මෙම නඩුව ගොනු කර තිබිණි.
එසේම මෙම නඩුවේ වග උත්තරකාරියට විදේශ අමාත්‍යාංශය හරහා සිතාසි නිකුත් කරන ලෙසද මෙම නඩුව ගොනු කරමින් ඉල්ලා තිබිණි.
from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/3tPORF1
tribune

0 Comments