Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වාහනයක්වත් නොමැති පොලිස් ස්ථාන 35ක් රට පුරා!

එකම වාහනයක්වත් නොමැති පොලිස් ස්ථාන 35ක් රට තුළ තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් හඳුනාගෙන තිබේ.

එම පොලිස් ස්ථාන සියල්ලම පසුගිය යහපාලන රජය කාලයේ ස්ථාපිත වූ ඒවා බව ද අනාවරණය වෙයි. මෙම තත්ත්වය හේතුකොට ගෙන පසුගිය කාලසීමාවේදී සිය රාජකාරි කටයුතු නිසිලෙස කරගෙන යෑමට එම පොලිසිවලට දැඩි ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව තිබී ඇති බව ද දැනගැනීමට තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය, විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසන්නේ පසුගිය යහපාලන රජය කාලයේ ඉවක් බවක් නොමැතිව පොලිස් ස්ථාන ආරම්භ කර ඇති බවත් ඉහත සඳහන් කළ ඒවා ද ඒ ආකාරයට ආරම්භ කළ පොලිස් ස්ථාන බවත් ය.

එම පොලිස් ස්ථාන කිසිදු තේරුමක් නොමැතිව ආරම්භ කළ ඒවා බවට කරුණු අනාවරණය වුවහොත් ඒවා ඉවත් කර එම පොලිස් නිලධාරීන් වෙනත් පොලිස් ස්ථානවලට අනුයුක්ත කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා පැවැසීය.

කෙසේ වුව ද පොලිස් ස්ථාන රැසක මෙවැනි ගැටලු තිබෙන බව හඳුනාගෙන ඇති බවත් ඒවාට ඉතා කඩිනමින් විසඳුම් ලබාදීමට තමන් පියවර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/3aYc4ME
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();