Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහියංගණයෙන් කොවිඩ් ආසාදිතයින් 181ක් – බස්නාහිර පළාතෙන් ආසාදිතයින් 469ක්!

ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් -1 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 887 දෙනෙකු හඳුනා ගනු ලැබූවා. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඊයේ දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 214 දෙනෙකු හඳුනා ගනු ලැබුවා. කොලොන්නාව ප්‍රදේශයෙන් 37ක්, මිරිහාන ප්‍රදේශයෙන් ආසාදිතයින් 31ක්, වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් 23ක්, කොළඹ කොටුවෙන් 15ක්, මහරගම 14ක්, දෙහිවල සහ ගොතටුව ප්‍රදේශවලින් ආසාදිතයින් 13 දෙනා බැගින් වාර්තා වී තිබෙනවා.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 208 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා. රාගම 30ක්, කඩවත සහ කැලණිය ප්‍රදේශ වලින් ආසාදිතයින් 22 දෙනා බැගින්, මිනුවන්ගොඩ 13ක්, යක්කල 11ක් සහ සපුගස්කන්ද ප්‍රදේශයෙන් ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වී ඇත.

ඊයේ දිනයේදී තෙවැනිය වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයෙන්ය. ඒ ආසාදිතයින් 181ක් ලෙසින්ය. මෙම ආසාදිතයින් 181ක් දෙනාම මහියංගණය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික කාර්ය සාධක බලකාය සඳහන් කර සිටින්නේ.

මිට අමතරව ඊයේ දිනයේදී ගාල්ල දිස්ත්‍රික්කය 50, කළුතර 47, මහනුවර 20, කුරුණෑගල 40, අම්පාර 33, රත්නපුර 05, කෑගල්ල 12, මාතර 21, පුත්තලම 17, මාතලේ 09, නුවරඑළිය 04, අනුරාධපුර 10, පොළොන්නරුව 01, හම්බන්තොට 04, ත්‍රිකුණාමලය හා මොණරාගල එක් ආසදිතයා බැගින් සහ විදේශ ගතව සිට මෙරටට පැමිණි 09 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ඊයේ දිනයේදී මෙරට සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 12,145ක් වේ.



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/2YWCVD9
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();