Ticker

6/recent/ticker-posts

Header Ads Widget

PCR පරීක්ෂණ සඳහා තවත් රජයේ සහ පෞද්ගලික රෝහල් 10කට අනුමැතිය

 
මේ වන විට සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීම සඳහා එම පරීක්ෂණය සිදුකිරීමට අළුතින් රජයේ රෝහල් 05කට සහ පෞද්ගලික රෝහල් 05කට අනුමැතිය ලබා දී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ  පර්යේෂණ හා පුහුණු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි. 
 
දැනට දිනකට PCR පරීක්ෂණ 13,000- 14,000 අතර ප්‍රමාණයක් සිදුකිරීමේ හැකියාව පවතින අතර ඉදිරියේදී එය 20,000 සීමාවට ගෙන ඒමට සැලසුම් කර තිබෙන හෙයින් එය සිදුකළ හැකි බවට විශ්වාසයක් පවතින බව රත්නායක මහතා සඳහන් කරයි. 
 
අළුතින් PCR කිරීම සඳහා අනුමැතිය දුන් රෝහල් 10ම ඉදිරියේදී එම පරීක්ෂණ සඳහා එක්වනු ඇති බවද ඔහු කියා සිටියි. 
 
මේ අතරලෝක රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් 100,000ක් පමණ රෝහල් අතර බෙදා දී තිබෙන බවත් එම පරීක්ෂණය කෙනෙකුට සිදුකරනවාද ? නැද්ද? යන්න තීරණය කරනු ලබන්නේ රෝහල් බලධාරීන් බවද හෙතෙම කියාසිටියි. 
 
එමෙන්ම රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් දෙවන තොගයද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත ලැබී ඇති අතර එයත් ඉදිරියේදී රෝහල් අතර බෙදා දෙන බවයි රත්නායක මහතා වැඩිදුරටත් පවසන්නේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();