Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මාර්ගවල ධාවන තරඟ පවත්වන්නන්ට අද සිට වැඩ වරදියි

අපරික්ෂාකාරී ලෙස ප්‍රධාන මාර්ගවල මෙන්ම අතුරු මාර්ගවල රිය ධාවනය කරන පුද්ගලයින් සොයා අද (07) සිට විශේෂ මෙහෙයුම් දියත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.   
 
පසුගියදා අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටී මොරටුව, එගොඩඋයන ප්‍රදේශයේදී දැරියන් දෙදෙනෙකු මිය ගොස් ගැබිණි මවක් බරපතල තුවාල සිදුකිරීම සහ ඇයගේ කලලය ද විනාශ වීමේ සිද්ධිය මුල් කර ගනිමින් මෙලෙස වැටලීම් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.
 
මේ අතර, කිඹුලාවල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ එලෙස යතුරුපැදි තරඟයක් පැවැත්වීමට සූදානම් කර ඇති බවට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී යතුරුපැදි 24 ක් සමඟ තරුණයින් පිරිසක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();