Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලංකාවටම සුපිරි වාහන ‌දෙන ළාබාලතම තරුණයා!

අධ්‍යාපන හැකියාවෙන් ඉදිරියට ගියවුන් ලෝකයේ කොතෙකුත් සිටී. නමුත් අධ්‍යාපනය මඳකට පසෙකින් තබා අනාගතය පිළිබඳ අවධානමක් ගෙන ජීවිතය ජය ගත්තවුන් සිටී නම් ඒ අතළොස්සකි. ඒ අතරින් අඩු වයසින්ම ජීවිතයේ සාර්ථකත්වය කරා ගිය ලංකාවේ තරුණයෙක් අපිට හමු වුණා. ඔහු නමින් ශාන් ලියනගේ.

වයස?

අවුරුදු 18 යි.

ඒ කියන්නේ මේ අවුරුද්දේ උසස් පෙළ කරන්න ඇති?

මම ගම්පහ ලයිසියම් එකේ අධ්‍යාපනය හැදෑරුවේ. සාමාන්‍ය පෙළ සමත් වුණත්, මම උසස් පෙළ කරන්න යොමු වුණේ නැහැ.

ඒ ඇයි?

උසස් පෙළ කරන්න අවුරුදු දෙකක් යනවා. ඊට පස්සේ එතැනින් කැම්පස් ගියොත් තවත් අවුරුදු කිහිපයක් යනවා. ඒ නිසා මම උසස් පෙළ කරන්නේ නැතුව කෝස් එකක් කරන්න හිතුවා.

ඊට පස්සේ?

කෝස් එක කරන්න සූදානමින් ඉන්නකොට යම් කිසි අවදානමක් අරන් ව්‍යාපාරයකට යොමු වුණා.

මොකක්ද ව්‍යාපාරය?

ශාන් ලියනගේ ලක්සරි වෙඩින් කාර්ස් කියලා මම 2018 වසරේ ව්‍යාපාරයක් පටන් ගත්තා.

එකපාරටම බිස්නස් එකකට යොමු වුණේ?

තාත්තාට ඇක්සියෝ කාර් එකක් තිබුණා. මුලින්ම ඒක වෙඩින්වලට රෙන්ට් එකට දුන්නා. දවසින් දවස හයර් එක දෙක එන්න පටන් ගත්තා. ඉතින් මම ඒක මගේම ව්‍යාපාරයක් කර ගන්න හිතුවා.

බිස්නස් අල්ල ගන්න ලේසි වුණාද?

මම හිතන විදිහට මේ ලෝකේ තියෙන මොනම රස්සාවක්වත් ලේසි නැහැ. ඒ වගේ තමයි මේකත් ලේසි වුණේ නැහැ.

මොනවද මේක පටන් ගද්දි තිබුණු අභියෝග?

මේ ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ ව්‍යාපාර ආයතන ගොඩක් තියෙනවා. එහෙම ව්‍යාපාරයකට තමයි මමත් එකතු වුණේ. මගේ වයස අඩු නිසා බිස්නස් එක පටන් ගත්ත කාලේ මාව රවට්ටන්න පවා ගොඩක් අය උත්සාහා අරන් තියෙනවා.

දැන් බිස්නස් එකේ වාහන කීයක් තියෙනවද?

මුලින්ම ඇක්සියෝ එකෙන් පටන් ගත්ත කාලේ තවත් මගේ හිතවතුන් කිහිප දෙනෙක්ගෙන් මේ වැඩේට වාහන දෙක තුනක් හොයා ගත්තා. මට තේරුණා මේ බිස්නස් එකෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. දැන් මම රෙන්ට් කරන්නේ සුඛෝපභෝගී වාහන විතරයි. ඒ වගේ වාහන 40ක් මම රෙන්ට් කරනවා.

කොයි වර්ගවල වාහනද ව්‍යාපාරයේ තියෙන්නේ?

ලිමොසින්, හැමර්, අවුඩි, බෙන්ස්, බී.එම්.ඩබ්ලිව්, රේන්ජ්රෝවර් වර්ගයේ වාහන තියෙනවා.

ඒ අතරින් ඔයා රෙන්ට් කරන මිලෙන් අධිකම වාහනේ?

ප්‍රාඩෝ ලිමොසින් එකක් තියෙනවා. ඒක කෝටි හයකට වඩා මිලෙන් අධිකයි.

ප්‍රාඩෝ ලිමොස්ලින් එක රෙන්ට් කරන්නේ කීයකටද?

පැය අටට රුපියල් 80,000ක් අය කරනවා.

මේ වෙනකොට කීදෙනෙක්ට රැකියා අවස්ථා දීලා තියෙනවාද?

දැනට හතරක් ඉන්නවා. වැඩ වැඩි දවසට අපි පිටින් රියැදුරන් ගෙන්වා ගන්නවා.

නාට්‍ය, චිත්‍රපට සඳහාත් වාහන ලබාදෙනවද?

ලංකාවේ ටෙලි නාට්‍ය හා චිත්‍රපටවලට අවශ්‍ය සුපිරි වාහන බොහෝ දෙනෙක් ලබාගන්නේ මගෙන්. ඒ බොහෝ දෙනෙක් මාව හොඳින් හඳුනනවා.

හදිසියේවත් රියැදුරෙක් නැති වෙලාවක වෙඩින් එකකට වාහනයක් අරන් යන්න වුණොත්?

මට ලයිසන් එක ලැබුණේ මේ අගෝස්තු මාසයේ. ඒ නිසා එහෙම වුවමනාවක් ආවොත් මට වාහනේ අරන් යන්න පුළුවන් දැන්.

කලින් කිව්වා තරගකාරී ආයතන තියෙනවා කියලා. ඒ ආයතන එක්ක දැන් ඔබව සංසන්දනය කරන්නේ කොහොමද?

මේ ව්‍යාපාරයේ සක්‍රීයව ඉන්න වයසින් අඩුම කෙනා මම. ලංකාවේ තියෙන මෙවැනි තරගකාරී ආයතන අතර මගේ ව්‍යාපාරය තුන්වැනි, හතරවැනි ස්ථානයට වගේ ඉන්නවා.

වැඩියෙන්ම ඔබට ව්‍යාපාර අවස්ථා හිමි වන්නෙ?

මට ෆේස්බුක් හරහා ගොඩක් බිස්නස් එනවා.

දිනකට වැඩියෙන්ම වාහන කීයක් රෙන්ට් කරලා තියෙනවාද?

දැනට එක දවසට වාහන 10ක් රෙන්ට් කරපු අවස්ථා තියෙනවා.

ඉදිරියටත් මේ ව්‍යාපාරයේ ඉන්නමද කැමැත්ත?

මේ ව්‍යාපාරය කරන ගමන් මේකට සම්බන්ධ මල් සැරසිලි ව්‍යාපාරයක් සහ කාර් සේල් එකක් දාන්න අදහසක් තියෙනවා.

රැකියාවක් නොකළා නම් මොනවා කරයිද?

එහෙනම් මේ වෙනකොට උසස් පෙළ කරලා. මොකක් හරි කෝස් එකක් කරයි.

පවුලේ විස්තර?

අම්මා, තාත්තා සහ මල්ලි. පදිංචිය ගණේමුල්ලේ. තාත්තා මැරීන් ඉන්ජිනියර් කෙනෙක්.

ගයාශාන් විතානආරච්චි



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/36NxxqM
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();