Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අගමැති බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වැඳපුදා ගනියි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වැඳපුදා ගත්තේය.
 
ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යතුමා, බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති අති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් බැහැ දැක  ආශිර්වාද ලබා ගත්තේය.
 
උන්වහන්සේගේ සුව දුක් විමසා බැලූ අග්‍රාමාත්‍යතුමා,  කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ වුවද ජන ජීවිතය නගා සිටුවීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නාහිමියන් දැනුවත් කළේය.
 
රටේ ආර්ථික, සමාජීය හා දේශපාලන ක්‍රියාදාමයන්ට අදාළ ධර්මානුකූල පිළිවෙත් ගැන  නාහිමියෝ මෙහිදී අග්‍රාමාත්‍යතුමාට අනුශාසනා කළහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();