Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තවත් ආසාදිතයෝ 570ක් සුවය ලබති

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ්-19 ආසාදිතයින් 570 දෙනෙක් සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
 
ඒ අනූව මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 22,831 දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
කෝපායි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් 47 දෙනෙක්, කහවත්ත ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් 45 දෙනෙක්, ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් 38 දෙනෙක් සහ නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් 33 දෙනෙක් ලෙස රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් තිබේ.
 
ඉන් වැඩිම පිරිසක් කහගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටව ගොස් ඇති අතර එම සංඛ්‍යාව 126ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
 
ආසාදිතයින් 7,636 දෙනෙක් රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබයි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();