
උසස් පෙළ සමත් ශිෂයන්ගේ කඩයිම් ලකුණු ගැටලුව සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය පුරාම අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය උසස් පෙළ සමත් සිසුන් හා එක්ව දිස්ත්‍රික් මට්ටමින් විරෝධතා පැවැත්වූ අතර පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාව අතරතුර ඔවුනට ජනාධිපති අතිරේක ලේකම් වරයකු හමු වීමට අවස්තාව ලැබී තිබුණි. එහිදී ඔහු පවසා තිබුණේ සති එකහමාරක් අතුලත ජනාධිපතිවරයා සමග හෝ ජනාධිපති ලේකම්වරයා සමග සාකච්චාවක් ලබා දෙන බවයි.
එසේ පැවසුවද මේ වන තෙක් සාකච්චාවක් ලබා දීම සදහා කටයුතු කර නොමැති බව රත්කරවුවේ ජිනරතන හිමියන් පවසයි. ඒ හේතුවෙන් හෙට (07) දින සිට නැවතත් විරෝධතාවල නිරතවීමට කටයුතු කරන බවද හිමියන් පවසයි. ඒ සම්බන්ධව ඉල්ලීමක් කරමින් ජනාධිපතිවරයාට පවා ලිපි යොමුකළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා දැනුවත් කළද විසදුමක් නොලැබීම හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුව ඇති බවද හිමියන් පවසයි.
මේ අතර පසුගියදා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මේ සම්බන්ධව ජාතික ජනබල වේගයේ මන්ත්‍රීනී හරිනි අමරසූරිය දැනුවත් කිරීම සදහා මෙන්ම ඇය සමග සාකච්චා කිරීමට පියවර ගෙන තිබුණි.

එහිදී ඇය පවසා තිබුණේද මෙය කඩයිම් ලකුණු පිළිබදව ගැටලුවේදී ශිෂ්‍යන්ට අසාධාරණයක් සිදුව ඇති බවත් ඒ සදහා ගෙන යන සටනට පක්ෂයක් විදියට තම සහය පළ කරන බවත්ය.
එතැනින් නොනැවතී ඔවුන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය දැනුවත් කිරීම සදහා ද පියවර ගෙන තිබූ අතර එහදී එම පක්ෂයේ මතය වී ඇත්තේද මෙය බව රත්කරවුවේ ජිනරතන හමියන් පැවසීය.

අප කළ විමසීමකදී එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සදහන්කර සිටියේ විශ්ව විද්‍යාල සදහා බදවා ගන්නා මෙතෙක් පැවති සම්ප්‍රදාය මේ අවුරුද්ද තුල බිද දමා ඇති බවත් පැරණි සහ අලුත් නිර්දේශ යටතේ ශිෂ්‍යන් විභාගයට මුහුණ දුන් පළමු අවස්තාව මෙය නොවන බවත්ය.
මෙවැනි අවස්තාවක ශිෂ්‍යන් වැඩි ප්‍රමාණයක් විශ්ව විද්‍යාල වලට බදවා ගැනීම තුලින් මෙම ප්‍රශ්නය නිරාකරණය කළ හැකි බවද ඔහු පවසයි. ආණ්ඩුව බලය ලබා ගැනීමට පෙර සදහන් කළේ උසස් පෙළ සමත් සියලුම දෙනා විශ්ව විද්‍යාලවලට ඇතුලත්කර ගැනීම යැයි පවසන පුබුදු ජයගොඩ පෙන්වා දෙන්නේ එය සම්පූර්ණ මුසාවක් බවයි.
තවද මෙම වර්ෂය තුල සිසුන් 10000ක් වැඩිපුර විශ්ව විද්‍යාල සදහා ඇතුලත්කර ගන්නා බවට අණ්ඩුව පැවසුවත් එසේ සිදුකරන්නේ නම් ඒ පිළිබදව ක්‍රමවේදයක් තිබිය යුතු බවද පවසයි. එසේ සිසුන් 10000ක් බදවා ගත්තේ නම් මේ ගැටලුව පැන නොනගින බව පෙන්වා දෙන පුබුදු ජයගොඩ පවසන්නේ මෙම කඩයිම් ලකුනු පිළිබද ගැටලුව විසදීම සදහා ගිය වසරට වඩා මෙම වසරේ ඇතුලත් කර ගත යුත්තේ සිසුන් 2000ක් පමනක් බවයි.
මේ පිළිබදව 2011 වර්ෂයේ නිවැරැදි නඩු තීන්දුවක් පවා ලබා දී තිබියදී එම නඩු තීන්දුව ප්‍රකාරව කටයුතු කරන්නේ නම් මෙම ගැටලුව පැන නොනගින බවද ඔහු පෙන්වා දෙයි. මේ කරමින් සිටිනනේ බදවා ගන්නා ශිෂ්‍යයන් කප්පාදු කිරීම බවත් අධ්‍යාපන වියදම් කපා හැරීම තුලින් මුලදී සිටම ආණ්ඩුව සූදානම් වූයේ මෙය කිරීමට බවද ඔහු පවසයි.
මහජනතාවගේ බදු මුදල් දේශපාලකයන්ගේ සුඛවිවරණ සදහා වැඩිපුර වෙන්කර ගැනීම තුලින් පැන නගින ගැටලු වලට හොදම උදාහරණය මෙය බව පවසන ඔහු මෙම සිසුන් වෙනුවෙන් කළ හැකි උපරිම දායකත්වය පක්ෂයක් විදියට ලබා දෙන බවද වැඩිදුරටත් පැවසීය.
…ගමගේ…
The post උසස් පෙළ සිසුන්ගේ කඩයිම් ලකුණු ගැටලුව විසදීමේ අන්තරේ සටනට ජාතික ජනබල වේගයේ සහ පෙරටුගාමීන්ගේ සහාය. appeared first on Lanka News Column.

0 Comments